අප්‍රිකාණු ගුරුකම්. African Black Magic

, by Sri Lanka Youth News


ගුරුකම් වලට ලංකාවේ ප්‍රසිද්ද දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයයි.ලංකාවේ ඈත අතීතයේ ලෝකය පුදුමයට පත්වෙන විදියේ ගුරුකම් තිබුනත්  අද ඇති ගුරුකම් වල එතරම් සත්‍යක් නැහැ කියන ඒක ප්‍රසිද්ධ කරුණක්.  ලෝකේ ප්‍රබල ගුරුකම් ශාස්ත්‍රයක් තවමත් තියෙන්නේ ඉන්දියාවේ. ඒත් අප්‍රසිද්ධව තව කොතෙකුත් රටවල් ඇතිද?

14 වන සියවසේ සිට බටහිර රටවල් වලද මේ ගුරුකම් ශාස්ත්‍රය පැවතුනා. ප්‍රධාන වශයෙන් බටහිර රටක් වෙන එංගලන්තයේද එම රටට ආවේනික ගුරුකම් සාස්තරයක් තිබිල තියෙනවා. “රොබින් හුඩ්” කතා මාලාවේ මායාවරුන්ට කතා කරන දර්ශන වල ඇත්තේ 14 වන සියවසේ එංගලන්තයේ තිබුන  ශාස්ත්‍රයි .

උදාහරණයක්‌ විදියට අරාබියට ,ජපානයට ඊජිප්තුවට යන රටවල ඔවුන්ටම ආවේනික ගුරුකම් ශාස්ත්‍රයක්ද බටහිර විද්‍යාවෙන් ඉදිරියෙන්ම ඉන්න ඇමරිකාවටද  ගුරුකම් ක්‍රමයක්  තිබිලා තියෙනවා. නමුත් බටහිර රටවල් ඔවුන්ට තිබුන ඒ ගුරුකම් ශාස්ත්‍රය පිළිගන්න තවමත් කැමති නැහැ.

සති කිහිපයකට  විතර පෙර අප්‍රිකානු ගුරුන්නාන්සේ කෙනෙක් එක්ක කථා කරන්න හැකි වුනා. මේ රටේ ඇති ඇතැම් විජ්ජාවන් ගැන කථා කරන්න. අප්‍රිකාවේ බටහිරට වෙන්න ඇති  රටවල් හා දකුණුට වෙන්න ඇති රටවල් වල  ඇති ගුරුකම් ගැන දැනගන්න. මම මේ කියන ඇතැම් කරුණු පිළිගන්න අමාරු වෙන්න පුළුවන්. එත් ඒ ගුරාත් සමග හිටපු අපේ ආයතනයේ තවත් සේවකයෙක් කියපු සිද්දින් හා ඔහුගේ අත්දැකීම් නිසා මට විශ්වාස කරන්න පුළුවන් වුනා.

අප්‍රිකාවේ රටක් වෙන “බෙනේ” කියන රටේ හා “මලාවි” කියන රටවල් දෙකේ ප්‍රධාන වශයෙන් මේ ගුරුකම් ශාස්ත්‍රය තියෙන්නේ. අප්‍රිකාවේ ඇති ගුරුකම් එකම දේ නොවුනත් ටිකක් සමානයි.මේ හැම දෙයක්ම පැවතගෙන එන්නේ  මේ රටවල වල ඇති ගෝත්‍රයන්ගේ පරම්පරාවෙන්. අනිත් සිසු අප්‍රිකානු රටවල සිට  මේ ශාස්ත්‍රය ගැන වැඩිදුර ඉගෙනීමට  ”බෙනේ” රටට එනවා.

මේ ගුරුකම් ඇතැම් වෙලාවට අපිට හිතෙන්නේ මේ ශාස්ත්‍රයේ ඇති සැහිසික කම හා පුහු ආකල්පයි. කොංගෝ වේ 2008 අවුරුද්දේ විතරක් ළමුන “පනස් දහසකට” ආසන්න ප්‍රමාණයක් ගෙදරින් එලියට දාල  තියෙනවා එම දරුවන් යක්කුන්ගේ දරුවන් කියල හිතලා. යලිත් ඔවුන්ගේ පවුල් වලට එකතු කරගෙන නැහැ.මේ පිලිබඳ එක්සත් ජාතින්  විසින් කෙටි චිත්‍රපටියක් නිර්මාණය කරලා තියෙනවා පසු කාලෙක.

තව පිරිමින්ගේ පුරුෂ ලිංගය ගුරුකම් මගින් නැති කිරීම වගේ සාහැසික සිද්දීත් කොංගෝවෙන් සහ ඝානාවෙන් වාර්තා වෙනවා. ඒ සියලුම පිරිමින් අධික ලේ යාම නිසා මිය ගිහින් තියෙන්නේ. එම දේවල්  නැති කරල තියෙන්නේ කිසිම ආයුධයක් නොමැතිව. ඒ විදියට නැති කරන්න හේතුව ඒ කට්ටටියන්ගේ බලය වැඩි කරගැනීමට.

ටැන්සානියාවේ, කෙන්නියාවේ වගේ රටවල් වලත් ඒ ඒ ගෝත්‍රිකයන්ට ආවේනික ක්‍රම තියෙනවා. ලංකාවේ තොවිල් වගේ ශාන්තිකර්ම වලට සමාන දේවල්  කරනවා. ඒ අවස්ථාවල ඔවුන් අදහන ආගම් අනුව ඔවුන්ගේ දෙවියෝ ලඟට යන්න මිනිසුන් ඉදිරිපත් වෙන්නේ කිසි පැකිලමකින් තොරවයි. ශාන්ති කර්මය ඇති අවස්ථාවේ දෙවියන් ලඟට යන්න අවශ්‍ය පුද්ගලයා එම ස්ථානයේ බිම නිදාගෙන  ඉද්දි කට්ටඩියා ඇවිත්  උල් ආයුධයකින් පපුව පළලා හදවත එලියට ගන්නවා.

ඒ හදවත ලේත් සමඟ ආහාරයට ගන්නේ ගුරුන්නාන්සේගේ බලය වැඩි වෙන්නත් අර පුද්ගලයා දෙවියෝ ලඟට යන්නත් එක්ක. හදවත වගේම තවත් ශරීරයේ කොටස්  ඒ විදියටම ගැලවීම් ක්‍රම තියෙනවා.නමුත් දැන් එම රටවල පොලිසිය  මගින් කට්ටඩියන්ව  අත්තඩංගුවට ගැනීම සිද්ද කරනවා.

මට මුණ ගැසුන කෙනා  ඒ ගෝත්‍රයේ නෙවෙයි. මිනිසුන්ට සෙතක් වෙන දේවල්. කරන්නේ. ලේ මිශ්‍ර වෙන කාර්යක් සිද්ද කලොත් ඔහුගේ පලය නැති වෙනවා.මේ රටවල ඇති වගා ඉඩම් වලට කිසිම ආරක්ෂාවක් නැහැ. අප්‍රිකාවේ එතරම් ආහාර නැතත් කිසි දිනක මේ ඉඩම් වලට දිළින්දන්  බඩගිනි වුනත් ඇතුල් වෙන්නේ නැහැ.ඔවුන් දන්නවා ඒ ඉඩමට ඇතුළු වුනොත් සිද්ද වෙන්නේ මොන වගේ දෙයක්ද යන වග.

හදිස්සියෙන් වත් ඇතුළු වුනොත් ඉඩමේ අයිති කාරයා නැවත එනකන් ඒ ඉඩමෙන් එලියට යන්න බැහැ ඒ සොරාට එලියට යන්න හිතෙන්නෙත් නැහැ. පලතුරු ගස් කොච්චර තිබුනත් අයිතිකාරයා ඇවිත් ඵල නෙලාගන්නකන් ගහ  යටට කිසිම  කෙනෙක් එන්නේ නැහැ. මේ සිදුවීම සාමාන්‍ය සිද්දියක් මේ රටවලට.

ඇමරිකානු ජාතිකයෙක් ඝනාවට මිට අවුරුද්දකට කලින් ඈවිත් තිබෙන්නේ  මේ  ශාස්ත්‍ර ඉගනගන්න. මාස තුනකට පසු ඔහු යලිත් ගියේ ගොඩාක් දක්ෂ කට්ටඩියෙක් විදියට. තමන්ගේ දැනුම විදේෂකයන්ට විකුනන්න කිසිම විදියකින් මැලි වෙන්නේ නැහැ..  ඇමරිකානු පුද්ගලයත් එක්ක අපේ ආයතනයේ මිතුරා වැඩකරලා ඇති නිසා ඔහුත් පිළිගත්තා අමරිකානුවගේ හැකියාව.

මේ කාරනා ඇතැම් විට විහිළු විදියක් වෙන්න පුළුවන්. මේ දවල් පිළිගන්න කියල කියන්නෙම නැහැ ඒත් මෙහෙම දේවල් තියෙනවා කියල තහවුරු කරන්න පුළුවන් කියල මේ රටේ කිහිප දෙනෙකුගෙන් දැනගන්න පුළුවන් වුනා.විශේෂ ගහක කොලයකට මැතිරිමෙන් එම කොලය බිම දිහේ ඇවිදීම, ලංකාවෙ වගේ කනප්පුව ඇවිද්දවනවා වගේ. එක වර විශාල පුද්ගලයන් පිරිසක් සමඟ සටන් කිරීමේ හැකි බලයක් ලැබීම .

ප්‍රශ්නයක් වෙන අවස්තාවලදී  එම වස්තුව නැතිකිරීම වගේ දේවල් උදාහරණයක්‌ විදියට කිසියම් ලියකිවිල්ලක් අපිට අවශ්‍ය ආයතනයට යැවීම උසාවියේ විභාග වෙන නඩුවක් ජය ගැනීම හෝ තමන් කැමති අයුරින් විසඳීම වගේ දේවල්. ඔහුට හැකි තවත් දෙයක් නම් යම් තැනක ඉඳල තවත් තැනකට අතුරුදහන් වීමේ හැකියාව. හදිසි අවස්ථාවකදී. මේ හැකියාව මිට අවුරුදු 100 කට කලින් සුලබ දෙයක්. එත්දැන් ඒම හැකියාව තියෙන පුද්ගලයෝ ඉන්නේ ඉතා සීමිත පිරිසක්. ඔහුගේ පියාට මේ හැකියාව තිබී නැහැ.

එක් අවස්තාවක ඔහුත් ඔහුගේ පියාත් “මාලි” කියන රටට ගියපු දවසක ඇති වූ කරදරයකදී ඒ රටේ සිට එතනින් අතුරුදහන් වෙලා ඝානවට ඇවිත් තියෙන්නේ ඔහුගේ මේ බලය පාවිච්චියෙන්. ඒ එද්දී තමන්ගේ පියාත් රැගෙන  එන්න හැකිවෙලා තියෙනවා. ඒ බලය ඔහු පාවිච්චිකරන්නේ හදිසි අවස්ථාවකදී යුද්ධයකදී වගේ.

ඒ වගේම තව කෙනෙකුට නොපෙනෙන්න ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවාලු. ඇමරිකාවේ මජික් ශුරයෙක් වෙන ”ඩේවිඩ් කොපිෆිල්ඩ්” ගේ ඒක් දර්ශනයක් තියෙනවා ඔහු සිටින තැන ඉඳල හාවයි දුපතට තව තරුණයෙක  රැගෙන යන සජීවී දර්ශනයක්. ඇතැම් විට මේ දෙදෙනාම කරන්නව ඇත්තේ එකම ක්‍රමයකට වෙන්න පුළුවන්.

ඔහුගේ ඇතැම් හැකියාවන් මා ඉදිරියේ පෙන්වීමටත් එම දේවල් වීඩියෝ ගත කිරීමටත් ඔහු කැමති වුනා. නමුත් අහුගේ ඇති අධික වැඩ රාජකාරි කම නිසා තවම මුණ ගැහෙන්න හැකියාවක් ලැබුනේ නැහැ.  එම වීඩියෝ දර්ශනත් වෙනත් පොස්ට් එකක් හරා ඉදිරිපත් කිරීමට   බලාපොරොත්තු වෙනවා.

මේ දර්ශනය අවට ලෝකයේ සුලභ දර්ශනයක් වැඩි වශයෙන් දෙසැම්බර් ජනවාරි කාලයයේ. ඒත් ගැහැණියෙක් සහ පිරිමියෙක්  මේ විදියට ඉන්න අවස්තාවක් ගැන අහල තියෙනවද? අප්‍රිකානු ගුරුකම් නිසා මේ වගේ දකින්න පුළුවන්. අසම්මත ඇසුරක  ඵලවිපාක. පහත වීඩියෝ ඒක එවැනි සිද්දියක්.මෙතනින් ගිහිං බලන්න පුළුවන්.

මෙය වඩාත් සුදුසු වැඩිහිටියන්ට. “ මෙම වීඩියෝවේ මැද හරියේ සුදු පාට කමිසයක්‌  ඇඳන් ඉන්න පුද්ගලයාගේ බිරිඳ වෙනත් පිරිමියෙක් සමග අනියම් ඇසුරක් පවත්වනවා කියන සැකය නිසා ගුරුකමක් මගින් අතටම අල්ලගන්න කරපු උපක්‍රමයක්. මේ කෙන්නියාවේ  දිළිඳු ගමක සිද්දියක්.

එම ගමේ නිවාඩු නිකේතනයක ගියපු අවස්ථාවේ ඔවුන් දෙදෙනා ඒ විදියට හිර වීමෙන් පැය 4ක් වගේ කාලයක් ඉඳල තියෙනවා පුට්ටු වීමෙන්.පසුව පොලිසියෙන් නීතියට සම්බන්ධ නිලදාරීන් ද ඇවිත් දොර කඩා දෙදෙනා කොටු කරගත් අවස්ථාවයි මේ.

පසුව එම කාන්තාවගේ සැමියාට හොර පුද්ගලයා කෙන්නියානු මුදලින් 20,000ක  මුදලක් දෙන්න පොරොන්දුව පිට ඔහු කට්ටඩියෙක් හරහා එම බන්ධනයෙන් නිදහස් කරනවා.

වීඩියෝවේ   අවසානයේ තියෙන්නේ එම ගමේ ඇති මුදල් ගන්න ටේලර් මැෂින් ඒක. ඒ දේ දැක්කම හිතාගන්න පුළුවන් නේ ඒ ගමේ දියුණුව.

මේ ඇතැම් කරුනුත් ඔබට පිළිගන්න අමාරු ඇති ඒත් තවමත් හිතාගන්න අමාරු ගුප්ත හැකියාවන් මොවුන් සතුව තියෙනවා. සුළු සුළු ක්‍රම මටත් උගන්වන්න කැමතියි කිවුවා ඒ පිරිසක්ව පුදුම කිරීමේ හැකි ක්‍රියාවන්.

“අනියම් ඇසුරු අතටම අසුකර දෙනු ලැබේ”

-උපුටා ගැනීම අසරණයා බ්ලොග් ඉසව්වෙන්- More >>> www.srilankayouthnews.com
read more

කඩු නැති කටු ගේ

, by Sri Lanka Youth News


 

ලෝකයේ  බොහෝ රටවල කෞතුකාගාර ඇත.තම රටේ ප්‍රෞඩ ඉතිහාසය ඒ හා බැඳුන අමිල වස්තුන් වගේ දෑ අනාගත පරපුර වෙනුවෙන්  ආරක්ෂා  කිරීමටත්, ලෝකයේ අනිකුත් රටවලට දැනගැනීමට  ඇති  ස්ථානය නිසා එයට රාජ්‍ය අනුග්‍රහය ලැබේ.

එවැනි ස්ථානයකට නිසි ආරක්ෂාවක් නොලැබුනොත් රටේ අනාගතයට තම රටේ ඉතිහාසේ ප්‍රෞඩත්වය පෙන්වීමට ඇති සුළු සාක්ෂි පවා නැතිව යෑම වැලක්විය නොහැක.

ඝානාවේ ඇති කෞතුකාගාරය නැරඹීමට ගියපු මට දැකගන්න ලැබුනේ පාලුවට ගියපු විශාල ගොඩනැගිල්ලක ඉතා සුළු ප්‍රමාණයේ භාණ්ඩ කිහිපයක් පමණයි. ලංකාවේ කඩු නැතිවීමට දින කිහිපයකට පෙර  එම ස්ථානයට ගියපු මම ඊට පසු සතියේ ලංකාවේ කෞතුකාගාරයේ සිදුවුන ඒ කනගාටුදායක සිද්දිය ආරංචි විමෙන් මට අපේ රටේ කෞතුකාගරයටත් මෙවැනි දෙයක් වීමට ඉඩ ඇතිබව නිකමට වගේ දැනුනා.

මට දැනුන දේ ඔබටත් දැනේවි. පහත පලවන්නේ එම කෞතුකාගාරයේ ඇති හොඳම භාණ්ඩ කිහිපය පමණයි. 1957 දී ආරම්භ කරන ලද මෙම ආයතනය දිනෙන් දින අභාවයට යනබව දේශීය දෑ අගයන ඝානා වැසියන් පවසයි.

විනාඩි 30 ක් වගේ සුළු වෙලාවක් තුල නැරඹීමට හැකි ඒ විනාඩි 30 වැඩි වෙලාවක් ගත වෙන්නේ  ගොඩනැගිල්ලේ ඇති භාණ්ඩ දෙකක්  අතර ඇති දුර ගෙවා ගැනිමටයි.

කෞතුකාගාරයේ සේවකයෝ වගේම තව රටේ බලවත් පිරිසේ උපරිම දායකත්වයෙන් විශාල භාණ්ඩ ප්‍රමාණයක් විදේශිකයන්ට අලෙවිය හා ප්‍රභූ වරුන්ගේ නිවස් තුලද එම භාණ්ඩ විසිර පැවතීම නිසා එම ස්ථානය අභාවයට යමින් පවතී. සත්ව ඇටකටු සතුන්ගේ ඡායාරූප  හා දේශීය ශාන්තිකර්ම වල  ඡායාරූප වැනි දේවල් හිස්තැන් පිරවීමට යොදාගෙන. ආයුධයක්‌ විදියට මා දැක්කේ  ලොකුම ආයුධය ආඩි 5 ක් පමණ දිග ”මන්නා පිහියක්.”

                                           ලි කැටයම් සහිත ආසන කිහිපයක්.



                                                                                                          මැටි වලින් කරපු නිර්මාණයක්.
                                                                                                දේශීය සංගීතයෙදී භාවිතා කරන බෙර විශේෂයක්.

                                                                                                                 සම්ප්‍රධායක ඇඳුම් පිරිමි හා ගැහැණු.
                                                                                                                19 වන සියවසේ   ප්‍රභූවරයෙක්.
                                                                                                                                       ලී කැටයම්.
                                                                                      විදේශ ආක්‍රමණ වලට පෙර සිටි ප්‍රභූන්ගේ ආසන.

මෙම කැටයමේ ඇති අලියා ආසියානු අලියෙක්


                                                                             “CAPE COST” 13 වන සියවසේදී ගොඩ නගපු බලකොටුවේ ආකෘතියක්.


මෙම බලකොටුව විදෙශි යන්ගේ සිත් ඇදගන්නා ස්ථානයකි.මා රැකියා කරන  ස්ථානයේ සිට 200 Km ඈතින්ව පිහිටා ඇති මෙය ගාල්ලේ කොටුව මෙන් ප්‍රෞඩත්වයෙන් ඉහලයි. ළඟදීම එම ස්ථානය නැරඹීමට සිතාගෙන ඉන්නේ. එම ගමනෙන් පසු  වැඩි විස්තර බලාපොරොත්තු වන්න.

-උපුටා ගැනීම අසරණයා බ්ලොග් ඉසව්වෙන්-   More >>> www.srilankayouthnews.com
read more

ඩෙංගු අවදානම සහිත දිස්ති‍්‍රක්ක 11 ක ඩෙංගු මර්දන වැඩසටහන් මෙම 14 හා 15 යන දින වල දී

, by Sri Lanka Youth News


ජාතික තරුණ සේවා සභාව, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය සහ ශී‍්‍ර ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරනු ලබන දිවයිනේ ඩෙංගු අවදානම සහිත දිස්ති‍්‍රක්ක 11ක ඩෙංගු මර්දනය කිරීමේ හා ප‍්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය මෙම 14 දා පෙරවරු 8.00 ට, මහරගම නගර සභාව ඉදිරි පිට දී පැවැත්වේ.
මෙම ඩෙංගු මර්දන වැඩසටහන ජූලි 14 දා කොළඹ, පුත්තලම, කුරුණෑගල, ගම්පහ යන දිස්ති‍්‍රක්ක වලද, ජූලි 15 දා මහනුවර, බදුල්ල, කෑගල්ල, රත්නපුර, යාපනය, වවුනියාව හා ගාල්ල යන දිස්ති‍්‍රක්ක වල ද වඩාත් ඩෙංගු අවදානම සහිත ස්ථාන 82 කදී පැවැත්වෙන අතර, මේ සඳහා යෞවන සමාජ තරුණ තරුණියන් හා ප‍්‍රදේශවාසීන් 20,000 කගේ පමණ සහභාගිත්‍වය ලබා ගැනේ.
මෙහි සමාරම්භක උත්සවය යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, සෞඛ්‍ය අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන යන මැතිතුමන්ලාගේ් ප‍්‍රධානත්‍වයෙන් සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්‍යක්‍ෂ ජනරාල් නීතිඥ ලලිත් පියුම් පෙරේරා, මහරගම නගරාධිපතිනී කාන්ති කොඩිකාර යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්‍වයෙන් පැවැත්වේ.
මෙම ඩෙංගු මර්දන වැඩ සටහනේ දී ඒ ඒ ප‍්‍රදේශ වල ඩෙංගු මර්දන ශ‍්‍රමදාන හා ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, අත් පති‍්‍රකා බෙදාහැරීම් හා ඩෙංගු මර්දනය පිළිබඳ වීදි නාට්‍ය ප‍්‍රදර්ශනය කිරීමට ද නියමිත අතර, මේ සඳහා ඒ ඒ කොට්ඨාශ වල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල, පොලිස් ස්ථාන හා පළාත් පාලන ආයතන වල සහාය ද ලබා ගැනේ.

More >>> www.srilankayouthnews.com
read more

ගල්විහාර ඔත් පිළිමයේ අප නොදුටු ආශ්චර්යය

, by Sri Lanka Youth News


රළු-පරළු කළුගල් පර්වත වෙඬරු මෙන් මෘදු-මොළොක්‌ බවට පත්කර ඒ මත සුසිනිඳු විසල් හැඩ-රුව තනන්නට හෙළ කලාකරුවා දැරූ කුසලතාව ගැන අටුවා ටීකා ලියෑවෙන්නට උවමනාය. එහෙත්, අද මෙන්ම එදත් මහා පැරකුම්, නිශ්ශංකමල්ල, ගජබා, ධාතුසේන, මහසෙන් වැනි රාජ-රාජ මහා මාත්‍යාදීන්ගේම නම් ගම් මේ විශ්මිත කලාකෘති ඉදිරියේ ලියෑවුණා මිස අදහාගත නොහැකි සේ කළුගල් පිළිරූන්ට පණපොවා ඒ අබියස අප දණින් වැටෙන්නට තරම් විශ්වීය ශක්‌තියක්‌ මේ තුළ ගැබ්කළ හෙළ කලාකරුවා (ගල්වඩුවා) ගැන කෙටියෙන් හෝ සඳහනක්‌ ඇත්තේ කොතැනද?

ලියනාඩෝ ඩාවින්සි, මයිකල් ආන්ජලෝ, පැබ්ලෝ පිකාසෝ වැනි කලාකරුවන් ගැන ලෝකයක්‌ කතාකරද්දී අවුකන, ගල්විහාරය, සමාධි බුදුන්ටත් දැස්‌ දුන් මිනිසා සොයා කලාවැව හෝ පැරකුම් සමුදුර ඉස්‌මත්තේ කැලෑව පීරන්නට අද අපට සිදුව තිබේ. ගතින් දුබල වුවත් සිතින් තවමත් තුරුණු වියේ ඇති මේ මිනිසා ඉළුක්‌ හෙවිලූ, කටුමැටි පැලක, වැල් ඇඳක, පිල් කණ්‌ඩියක සැඳෑ සමය ගෙවනු පෙනේ. මේ අතර අවුකන හෝ ගල්විහාරේ බුදුන් දැක, කාගේවත් හව්හරණක්‌ නැතිව ජීවිතය අද තනිකඩව අසරණව ගෙවන ඒ විශ්වීය නිර්මාණයේ සැබෑ “හිමිකරුවා” දකින්නට ඉඳහිට හෝ ඔහුගේ පැල්පතට එබිකම්කරන මිනිසුන්ද අප අතර නැතිවා නොවේ.

සුනිල් එදිරිසිංහයන් ගයන “මේ තරම් සියුමැලිද කළුගල් සිතන්නටවත් බැරි නිසා….
මම ගියා අවුකන බුදුන්ටත් දැස්‌ දුන් මිනිසා සොයා….”

නමැති අප හදවත් තුළ මෑත වකවානුවේදී පහන් සංවේගය දැන වූ ගීතය රචනා කළ නව පරපුරේ ගීත රචක රජී වෙල්ගම එවන් එක්‌ කලාකරුවෙකි. හෙළ කලාකරුවාගේ අසරණ බව හා අල්පේච්ඡ දිවිය ගැන කතා කළ මෙවන් ගීතයක්‌ තවත් නම් ලියෑවී නැත. එහෙත් ඒ තුළවත් සෙල්මුවා බුදුන්ටත් පණ පෙවූ හෙළ කලාකරුවා නාම මාත්‍රයෙන් හඳුනාගත හැකි වේදැයි මම ඒ තුළට එබී බැලුවෙමි. නැත· ගීපද රචකයාද මේ හෙළ කලාකරුවාගේ අල්පේච්ඡ දිවිය පරදා ඔහුගේ උත්කෘෂ්ඨ කුසලතාවයම වර්ණනා කර තිබෙනමුත් එවැන්නක්‌ සිදුකර නැත. කෙසේ හෝ කෙතරම් මේ කලාකෘති ගැන වර්ණනා සිදුවුණද වර්තමානයේ දිවිගෙවන කවරකුද හෙළ කලාකරුවාගේ විශ්මිත, විශ්වීය කලා හැකියාව මැනවින් හඳුනාගෙන ඇත්දැයි මට තාමත් සැකයක්‌ තිබේ. ඒ අන්කිසිවක්‌ නිසා නොව ඉකුත් දා මා අතට පත්වූ තවත් එක්‌ නූතන කලාකරුවකුගේ අපූරු කලා කෘතියක්‌ කියවූ පසුවය. ඒ නම් රූප කාව්‍යයකි.

මෙම ඡායාරූපය ගත් ශිල්පියා ගැන පළමුව යමක්‌ සඳහන් කිරීම වටී යෑයි මම කල්පනා කරමි. විශිෂ්ට ගණයේ පාරිසරික හා මංගල ඡායාරූප ශිල්පියකු වන ඔහු කලක්‌ පුවත්පත් ඡායාරූප ශිල්පියෙකු සේද කටයුතු කළේය. එහෙත් අද ගිරි දුර්ග, ජල දුර්ග, වන දුර්ග ජය ගනිමින් පරිසර ගවේෂණයට ළැදියාවක්‌ දක්‌වන මොහු බොදු සංස්‌කෘතියට ළබැඳිව පුරාවිදු ස්‌මාරක යනාදියද තම ඡායාරූප කලාවේ නිර්මාණ අතරට ගොනු කරමින් සිටී. කීර්ති අමරසේකර නම් වූ හේ සුදු කෙස්‌ – රැවුලට අමතරව ශ්වේත වර්ණයෙන්ම ගත වසාගන්නෙකි. ඡායාරූපකරණයට සමාධි ගතවන ඔහුගේ තෙනෙත පරිසරයේ අපූරු හැඩතල සොයා පියමං කරනු පෙනේ. මේ දුලබ කලාකෘතිය බිහිවන්නේ ඡායාරූප කරණයේ එවන් නවමං සොයායන ගමනේදීය.

කැලණිය ඡායාරූප කලා සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී ඔහු රාත්‍රී ඡායාරූප වැඩමුළුවක්‌ සංවිධානය කළේය. ඊට උචිත ස්‌ථානය කරගත්තේ පොළොන්නරුව පුද බිමේ ගල් විහාරයයි. මෙතෙක්‌ රාත්‍රී ගණ අඳුරේ සැඟව ගිය ගල් විහාරයේ පිළිමවහන්සේ එදා කැමරාකරුවන්ගේ තාක්‍ෂණික මෙවලම් අතර ගෞරවනීය සිත්තමක්‌ බවට පත්වෙමින් තිබිණි. ත්‍රීපාද අටවා ඒ මත රැඳවූ කැමරා කාචයේ මුව සම්පූර්ණයෙන්ම විවරව පවතිත්දී මේ කලාකරුවා තම සගයන්ගේ උදව්වෙන් විදුලි පන්දමක්‌ භාවිත කරමින් ගල් විහාරයේ ඒ අසම සම සැතපෙන සම්බුද්ධ පිළිමවහන්සේ ආලෝකයෙන් ආලේපනය කළේය. කැමරා තාක්‍ෂණයේදී භාවිත කරන “ආලෝක ආලේපනය” (Brush and Painting) ක්‍රමවේදය මෙහිදී භාවිතකළ කැමරාකරු නිශ්චිත කාල වේලාවකදී තම කැමරාවේ කාච විවරය (Shutter) වසා දැමුවේ මේ සෙල්මුවා ප්‍රතිමාවේ සියුම් කලාංග විමර්ශනය කිරීමේ අරමුණිනි. සැබෑමය· ඔහු හෙළ කලාකරුවාගේ නිර්මාණ හැකියාව මොනවාට අපට පසක්‌කර දෙන්නේ එසේ ඝන අඳුරේ ආලෝකය ක්‍රමානුකූලව හැසිරීමෙන් ග්‍රහණය කරගන්නා ලද මෙහි දැක්‌වෙන ඡායාරූපයෙනි. ගල්විහාරයේ මෙවන් සැතපෙන පිළිරුවක්‌ ඔබ මින් පෙර දැක නැති බව මාගේ විශ්වාසයයි. හෙළ ගල්වඩුවාගේ සියුම් නිර්මාණ හැකියාව ඉදිරියේ රළු-පරළු කළුගල් පරාද වී ඇති බව තව තවත් අපට මේ රූප කාව්‍යයෙන් නොකියයිද? “මේ තරම් සියුමැලිද කළුගල්” සිතන්නටවත් බැරි තරමට… දෙවියනේ ඔහු කෙලෙසද මෙසේ පණ පිහිටවූ පිළිමවහන්සේ කළුගල් තලාවක මූර්තිමත් කරන ලද්දේ. ගල්කටුවක්‌ද, මිටියක්‌ද තිබූ පමණින් මෙවන් විශ්මිත නිර්මාණයන් බිහි කළ හැකිවේද? ඒ සඳහා භාවිත කළ තාක්‍ෂණයක්‌ වේද? ඒ කවරකටත් වඩා කළුගලක්‌ මත චිත්‍රණය කෙරෙන ඒ මහා කලාකරුවාගේ මනඃකල්පිතය දෙස සමාධිගතවනු හැරෙන්නට ඒ පිළිබඳ වචනයකුදු කතාකරන්නට අපි සුදුස්‌සෝ වෙත්ද?

බලන්න! මේ විශේෂිත පිළිරුවේ වීදුරු තරම් විනිවිද පෙනෙන සිවුරු පටට මෑතින් දකින අප මහා තථාගතයාණන් වහන්සේගේ මස්‌ පිඬුවක පවා සජීවී බව හෙළ කලාකරුවා මේ පිළිමවහන්සේ වෙත කැඳවා ඇති අපූරුව. උදරයේ මස්‌පිඬු, නාභිය, දෙතන් වැනි සියුම් බාහිර රූපකාය පවා සලකා නොවේද මෙවන් විශ්මිත නිර්මාණ බිහිකර ඇත්තේ. ලියනාඩෝ ඩාවින්සි වැන්නවුන් අතර අපගේ හෙළ කලාකරුවා තැබිය යුත්තේ කොතැනද යන්න අපේ හිත දැන් අපෙන්ම ප්‍රශ්න කරනවා නොවේද?

දහවලේදී අප දකින ගල් විහාරයේ පිළිමවහන්සේ ගෙන්ද, අවුකන හෝ සමාධි පිළිමය හෝ මාලිගාවිල වැනි පිළිමයක අප මෙවන් සියුම් නිර්මාණ කාර්යයක්‌ මින් පෙර දැක තිබේද? ගල්විහාරයේදී සිදුකළ සියුම් ආලෝක පරීක්‍ෂාවේදී කීර්ති අමරසේකර නම් වූ කලාකරු තම කැමරාවට ග්‍රහණය කරගනු ලැබුවේ අඳුර විනිවිද ආලෝකයේ හරඹයෙන් ඔහු පිටපත් කරගත් සියුම් නිර්මාණ යථාර්ථයයි. අද අප එසේ කීවත් ගල් විහාරය පිදූ අතීත හෙළයා බොහෝ විට තම පියවි නෙතින්ම මේ නිර්මාණයන් දැකගන්නට ඇත. ඒ, රෑ රාත්‍රියේ පවා වන්දනාමානයන්ට විවරවූ මෙවන් විහාරවල පන්දම් එළියෙනි. එහෙත් අද අපි ගද්‍ය, පද්‍ය, රූප රචනාවලින් විස්‌තර කරන්නේ මහ දහවලේ ගිනි කාෂ්ඨකයේදී දකින පිළිම වහන්සේය. එනමුදු ආලෝකයේ උදව්වෙන් මෙවන් පිළිම පිරික්‌සීමේදී තවත් වටිනාකම් මේ තුළින් මතු කරගන්නටද අපට හැකිවනු නොඅනුමානය.

ඒ ගැන මේ ඡායාරූපයේ නිර්මාණ ශිල්පියා කීර්ති කියන කතාව මෙවැන්නකි.

“මම විශ්වාස කරන්නේ අතීත කලාකරුවා (ගල් වඩුවා) මේ නිර්මාණය කරන්න ඇත්තේ පන්දම් එළියක්‌ භාවිතයට අරගෙන කියලයි. තමාගේ කලා කෘතිය නරඹන්නන් විශ්මයට පත්කරවන දෙයක්‌ බවට පත්කිරීම සඳහා ඒ, ඒ තැන්වල රැඳවූ පන්දම් ආලෝකය භාවිත කරන්නට ඇති. ඒත් අද රාත්‍රියේදී මේ පිළිම වහන්සේලා බැතිමතුන්ට විවර වෙන්නේ නැති නිසා මෙසේ කැමරාවෙන් දුටු දර්ශන දකින්න ලැබෙන්නේ නෑ. දහවලේදී වැටෙන සෘජු, රළු ආලෝක ධාරාවන්ටත් මේ සියුම් නිර්මාණ දර්ශනය වෙන්නේ නෑ. කොහොමහරි අපි මේ පරීක්‍ෂාවට බඳුන් කළේ ගල්විහාරයේ සැතපෙන පිළිම වහන්සේ පමණයි. හිටි පිළිමය, හිඳි පිළිමය හා අවුකන පිළිමවලත් මේ වගේ විශේෂතා ඇති. අපි ඒවා අඳුනා ගත යුතුයි.

මේ ඡායාරූප ගන්නත් අපි විශේෂ අවසරයක්‌ ලබාගත්තා. මොකද පුරාවිද්‍යා භූමියට රාත්‍රී ඇතුළුවීම තහනම් නිසා” කීර්ති පවසයි.

සැබැවින්ම හෙළ කලාකරුවාගේ විශිෂ්ටත්වය ගැන කතාකළ කීර්තිගේ රූප කාව්‍යද ඇගයීමට ලක්‌විය යුත්තකි. මන්ද, මේ සියලු කලාකරුවන් නව නිර්මාණ කාර්යයේ සංවේදී මිනිසුන් වන නිසාම නොවේ. ඔවුන් හුදෙක්‌ දෑසින් දකින කලා නිර්මාණයෙන් නොනැවතී මේ විශ්වීය නිර්මාණවල සැබෑ නිර්මාණකරුවාද ඒ තුළ හඳුනාගැනීමට වෙර දරනා නිසාය.

ඉරිදා දිවයින
ඡායාරූප – කීර්ති අමරසේකර
සහය Sorry.com

www.srilankayouthnews.com
read more

Volunteer Sri Lanka

, by Sri Lanka Youth News


බ්‍රිතාන්‍ය අතුළු රටවල් දහයක විශ්ව විද්‍යාල 20ක් නියෝජනය කරමින් තරුණ තරුණියන් පනහක පිරිසක් (25-06-2012) දින මෙරටට සුවෙච්චා කටයුතු සඳහා පමිණිහ.
මෙරට දී ඔවුන් මෙරට තරුණ තරුණියන් උදෙසා ක්‍රීඩා පුහුණුව, ඉංග්‍රීසි භාෂා පුහුණු ආදී කටයුතු සිදුකිරීමට නියමිතය.
මෙම වැඩසටහනේ සියළු සංවිධාන කටයුතු ජාතික තරුණ සේවා සභාව සහ Volunteer Sri Lanka   සංවිධානය මගින් සිදුකරනු ලබයි
read more

සිහිනය to beyond reality 23 දා ඇරඹේ

, by Sri Lanka Youth News


ජාතික තරුණ සේවා සභාවේ උදාර සංකල්පයක් අනුව වෙනස් වූ හැකියාවන් සහිත තරුණ තරුණියන් වෙනුවෙන් සංවිධානය කරන ”සිහිනය ” – to beyond reality ” (සිහිනය – යථාර්ථයෙන් ඔබ්බට) නම් වූ වැඩසටහන ජූනි 23 වැනි දින යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ගරු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් , යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්‍යක්‍ෂ ජනරාල් නීතිඥ ලලිත් පියුම් පෙරේරා මැතිතුමන්ලාගේ සහභාගිත්‍වයෙන් ශී‍්‍ර ලංකා යුත් පරිශ‍්‍රයේ දී ආරම්භ කෙරේ.
දක්‍ෂතම ගායකයා, දක්‍ෂතම වාදකයා හා දක්‍ෂතම නර්තන ශිල්පියා ලෙස කිරු`ඵ පළඳවන මෙම වැඩසටහන වෙනස් වූ හැකියාවන් සහිත යෞවන යෞවනියන්ගේ ආත්මීය සිහිනය සඵලවීමකි.
ජාතික තරුණ සේවා සභාව වසර ගණනාවක් තිස්සේ, වෙනස් වූ හැකියාවන් සහිත යෞවන යෞවනියන් සඳහා විවිධ වූ වැඩසටහන් කි‍්‍රයාත්මක කරන රාජ්‍ය ආයතනයකි. ”සිහිනය ශී‍්‍ර ලංකා යූත්” කී‍්‍රඩා උළෙල පවත්වමින් කී‍්‍රඩා කුසලතාවයෙන් යුත් තරුණ තරුණියන් අගැයීමට ලක් කළ ජාතික තරුණ සේවා සභාව මෙවර ඔවුන්ගේ නිසග කලා කුසලතාවයන් ඔප්නැංවීමට හා එය ඇගැයීමටත් කටයුතු කරයි.
තරග වට කිහිපයක් ඔස්සේ ජයග‍්‍රාහකයින් තෝරා ගනු ලබන අතර සහභාගිත්‍වය සඳහා සියලූ තරගකරුවන්ට සහතිකපත් පිරිනැමේ. අදාළ ක්‍ෂෙත‍්‍රයේ ප‍්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් යටතේ තරග පවත්වමින් ජයග‍්‍රාහකයින් තෝරා ගැනීම මෙහි ඇති විශේෂත්‍වයයි.
බොහෝවිට සමාජයේ අඩු අවධානයකට ලක් වන මෙම තරුණ තරුණියන් වෙනුවෙන් ජාතික තරුණ සේවා සභාව හා සී.එස්.එන්. (CSN) රූපවාහිනී නාලිකාව එක්ව පවත්වන රියැලිටි වැඩ සටහන සමස්ත සමාජයේ විශේෂ අවධානයකට යොමුවනු ඇතැයි බලාපොරොත්තු වෙමු.
ඔබේ ගායන, වාදන හෝ නර්තන දක්‍ෂතාවන් මුළු රටට ම පෙන්වීමට ඇති හොඳම අවස්ථාව සිහිනය රියැලිටි වැඩසටහනයි. එන්න අප සමග (ශී‍්‍ර ලංකා යූත්) එක්වන්න.
0112 850997 (තරුණ සංවිධාන හා සංවර්ධන අංශය)
0714 098508 නුවන් – (ස.ත.සේ.නි )
read more

Rio+ 20

, by Sri Lanka Youth News



ලෝකය මුළුල්ලේ සංවර්ධන කි‍්‍රයාවලියන්හිදී තරුණයින් අපට ඇති වත්කම් ලෙස සැලකිය යුතුයි. 2015 න් ඔබ්බට ගෝලීය න්‍යාය පත‍්‍රය සාර්ථකව කි‍්‍රයාත්මක කිරීමේ දී තරුණ තරුණයින්ගේ සහභාගිත්‍වය ප‍්‍රධාන වේ. රියෝ, සෙන්ට්‍රෝ, රියෝද ජනෙයිරෝ, බ‍්‍රසල් හිදී පැවැත්වූ ”කල් පවත්නා සංවර්ධනය” යන මැයෙන් පැවැත්වූ සම්මේලනයේ දී Rio+ 20 ප‍්‍රතිඵලය 2015 න් ඔබ්බට යාමේ දී එම පරතරය නැති කිරීමට තරුණයින්ට හැකිවීම පිළිබඳව තරුණ කටයුතු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක සිය දේශනයේ දී තම දේශනය අවසන් කරමින් ප‍්‍රකාශ කළේය.
තරුණයිනට කථා කිරීම, අවස්ථාවන් හා නායකත්‍වය ලබාදීම 2015 ඔබ්බට න්‍යාය පත‍්‍රය සංවර්ධනයේ දී ප‍්‍රධාන සාධකයන් විය යුතුය. මෙහි ප‍්‍රධාන අවධානය යොමු විය යුත්තේ සංවර්ධන සාකච්ඡුා වලට සහභාගී කරවා නොගත් නාගරික හා ග‍්‍රාමීය පෙදෙස් වල තරුණ තරුණියන් පිළිබඳව යි. මෙම වැඩසටහන ශී‍්‍ර ලංකා රජයේ ජාතික තරුණ සේවා සභාව, පරිසර අමාත්‍යාංශය සහ තරුණ කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරන ලදී.
Rio+ 20 ප‍්‍රතිඵලය 2015 න් ඔබ්බට කි‍්‍රයාත්මක කිරීමට තරුණ සහභාගිත්‍වය වැඩිකරලීමට නම් ප‍්‍රධාන කණ්ඩායම් වන තරුණයින් හා ළමුන්ගේ සවිබල ගැන්වීම තුළින් Rio+ 20 කි‍්‍රයාවලියේ අරමුණු ජයග‍්‍රහණය කිරීමට අපට හැකියාවක් ලැබෙනු ඇත. එමෙන්ම උතුරු අර්ධ ගෝලය හා දකුණු අර්ධ ගෝලය අතර ඇති පරතරය අවම කරමින් තරුණ සහභාගිත්‍වය වැඩි කිරීමට ඍජුව ම වේදිකාවක් තැනීමට මෙම කි‍්‍රයාවලිය ඉවහල් වනු ඇත.
200 කට අධික තරුණ සිවිල් සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, පෞද්ගලික අංශය හා එක්සත් ජාතීන්ගේ අනුබද්ධ ආයතන වල තරුණ නියෝජිතයන් එක්ව 2015 න් ඔබ්බට වන්නා වූ සංවර්ධන කි‍්‍රයාදාමය උදෙසා අරුත්බර, ශක්තිමත් වැඩසටහනක් නිර්මාණය කිරීමට හැකි වනු ඇත.
මෙහිදී තරුණයා කේන්ද්‍ර කොට ගනිමින් මූලික කටයුතු සිදු කිරීමේ වැදගත්කම මෙන්ම තරුණ සහභාගිත්‍වයේ වැදගත්කම ද ලෝ වැසියන් අවබෝධ කර ගත යුතු වේ.
මෙහිදී ප‍්‍රධාන වශයෙන් තරුණයන් ඉලක්ක කොට ගෙන ශක්තිමත් යන්ත‍්‍රණයක් බිහි කිරීම 2015 න් ඔබ්බට සංවර්ධන න්‍යාය පත‍්‍රය වැදගත් වන අතර එමගින් තරුණ තරුණයන් මෙන්ම සමාජය ද ශක්තිමත් වනු ඇත.
ශී‍්‍ර ලංකා රජය තරුණ සහභාගිත්‍වය ධෛර්යමත් කිරීම සඳහා යොවුන් පාර්ලිමේන්තුව මෙන්ම යෞවන සමාජ සම්මේලනය පිහිටුවා ඇති අතර, මිලියනයකට අධික තරුණ පිපිසක් වර්තමානයේ මේ වටා රොක් ව ඇත. නැගී එන තරුණ නායකයාට හිමි ජාතික සම්මානය හෙවත් EYLA සම්මානය මෙන්ම TOP 20 වැඩසටහන මගින් ද තරුණ නායකයින් සොයා යන ගමන ආරම්භ කර ඇති අතර, විවිධ ක්‍ෂෙත‍්‍ර වලින් දක්‍ෂතා ඇති තරුණ තරුණියන් ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමට ගෙන යාමට කටයුතු කර ඇත.
ජාතික තරුණ සේවා සභාව ජාතික කී‍්‍රඩා උළෙල මෙන්ම බාධිත පුද්ගලයන් වෙනුවෙන් ම වෙන් වූ ‘සිහිනය‘ රියැලිටි ෂෝ වැඩසටහන මගින් ද තරුණ තරුණියන්ට එම තැන ලබා දීමත්, එමගින් ජාතික සමගිය ඇති කිරීමටත් හැකියාව ලැබී ඇත.
read more

ආදරේ සුන්දරද කියලා මම තවම හොයනවා

, by Sri Lanka Youth News


තද අදුරු මකාලා සද එළිය වැටි අවට තුරුපත් ඇතුළු නෙත් මායිම රැදි පරිසරයේ ඡායා පිරුණු පරිසරයට පිරුණු සද පහන් වු රැයක සිත රැදුනු ප‍්‍රිය දසුන් මවා අනාගත සුභ සිහින දකින ආදර සිතුවිලි මොන තරම් ලස්සනයිද. ස්ථිරව ආදරයක් නොලබන ලැබෙන තුරා අතගිලි ගනින තමන්ට හිමි ආදරය සොයන කොල්ලෙක් මනක්කල්පිත අනන්ත පේ‍්‍රමයන්ගෙන් තනිව පෙම් සුව විදින කළ ඒ පේ‍්‍රමයන්ගෙන් මොනතරම් කවි ගී කොළ මත කුරුටු ගානවා ඇත්ද?

කවියක් ලියන්න,ගීයක් ලියන්න මනසේ නැගෙන පරිකල්පයේ සුන්දර බවට හැබෑවටම ලැබෙන තවත් හිතන පතන විදියේ අවංක ආදරයත් ඒ විදිහට ලැබෙන්නේ කීයෙන් කී දෙනෙකුටද? හිතන්නට බැරි පුංචිම පුංචි ගානකටම තමා ඒ වාසනාව නම් ලැබෙන්නේ.

එහෙමයි කියලා සීයට සීයක් ගැලපෙන තුරු බලා ඉන්නට ඕන කෙනෙක් ඉවසිලි වන්ත නෑ.
තමන් හිතන පතන විදියේ දැනෙන විදිහෙ සිතුම් පැතුම් කිහිපයක් හෝ සම උනෙත් ඕන කෙනෙක් ආදරය දෙන්නටත් ලබන්නටත් කිසිම වෙලාවක පසුබට වෙන් නෑ. එක තමයි ඇත්ත.

රූසෝ කියනවා වගේ ජිවත් වීම යනු ආශ්වාස කිරීමම පමණක් නොවෙයි. ඊට එහා ගිය මහා සන්වෙදිතා ගොඩක් ජිවිතේ බැදිලා තියෙනවා. එහි හරි සියුම් සංවේදනාවක් තමයි හිතෙන විදියට ආදරේ.

හරියට මලක පෙති වගේ. පුංචිම පුංචි බිලිංදෙක් වගේ,වවික කැඩපතක් වගේ,විටක මේ විදිහට බොහෝ දේ සම කරලා ආදරේ සියුම් බව පෙන්වන්න පුලුවන්.
 ඒත් මේ යැයි නිශ්චිතවම කාටවත් කියන්න බෑ.

ඒ තරමටම සියුම්.අර්ථ ගැන්විය නොහැකි අපුරු ආදරය හරි සොදුරුයි. මේ විදිහට සොදුරු ආදරය තමන් හිතන පතන විදිහටම නොලැබුනොත් මොනවාවෙයිද?

දෙන්නෙක් භෞතිකව එකට හිටියත් හිත දෙතනක නතර වෙන්නේ ආදරේ ඒ සියුම් එකතුව බිදුනහම වෙන්න ඇති.
ඒත් අපි ආදරේ ගැන සියුම්ව පරිකල්පනයෙන් ගැලපීම්,නොගැලපීම් හිතන්නේ නැතිව දන්න පළියට ගැලපීම්වලට වඩා නොගැලපීම් ඇති තාවකාලික පේ‍්‍රමයක් නිසා මොන තරම් ඉල්ලං කනවද.

හිත ගිය තැන මාළිගාව කියලා කිව්වට මාළිගාව තනන්න කලින් ඒ මාළිගාව තමන්ට ගැලපෙනවද?එහි ඉන්න පුලුවන්ද කියලා හිතන්නේ නැතිව ඉක්මනින් අපි තෝරගන්නවා ඉස් මුදුනෙන්ම ආදරේ.

ඊට පස්සේ වැඬේ අවුල් වුනාම පෙර පිනකට ලැබුණ ජිවිතෙන් පලිගන්න හදනවා.
‘‘මොන මෝඩ වැඩක්ද’‘කියලා හිතන්න පු`ථවන්.ඒත් ආදරයේ වේදනාව ආදරය කරලා බලන්නම වෙනවා. ඒ වගේම තමා විරහාවේ වේදනාවත්.බිදුනු පේ‍්‍රමයේ වේදනාවත්.

හිත බිදුනාම ඒ හිත හැදෙන්න දින,සති,මාස ගෙවිලා මහා දුෂ්කර ගමනක් පසු කරලා ආයි ආයි අපි දැක්ක පළියට ආදරේ සොදුරු බව විදින්නට යනවා. මේ විදිහට දම්වැලක පුරුක් වගේ එකිනෙක යාවෙන්න වගේ ආදරය කරනවා,බිදෙනවා,විදිනවා,විදවනවා. අවසානයේ විවාහය කියන තැනින් ටිකක් නවතිනවා.

 එතෙන්දීත් ගැලපීම් වලට වඩා නොගැලපීම් වැඩි උනත් අඩු ගැලපීමට වහා වැටිලා පස්සේ කාලේ මේ උනේ මොකද්ද කියලා හිතද්දි හොදටම පරක්කු වෙන්න පු`ථවන්. එතකොට අඩලා,දොඩලා පලක් නෑ. සමහර විට බැදීම් තවත් වැඩිවෙලා.වගකීම්,යුතුකම් වලට යටවෙලා.

ඒත් තමන් හිතන පතන සියුම් බව අර්ථ ගැන්විය නොහැකි ආදරය හිතට දැනෙද්දි කාටනම් එය යටපත් කරගෙන සිටිය හැකිද?
ඔන්න එතකොට අපිව හැදු සංස්කෘතිය දෙදරා යනවා.

කට කථා,පද හැදෙනවා.මහ නරක එකෙක් කියලා හංවඩු ගහනවා. ඒ හංවඩු ගහන එකා දන්නෑ අනුන්ට තමන් හංවඩු ගැහුවට ඇතැම් විට තමන්ගේ පිටෙත් ගාවඩුවත් තියෙනවා.
එහෙමත් නැතිනම් මොන මොහොතක හරි තමන්ටත් හංවඩු වදියි කියලා. මේ හිනාවෙන්නේ තමන්ටමයි කියලා. එහෙම නොහිතා කථා හදනවා.

කොහොම කොහොම හරි සුන්දරයි කියන ආදරේකට කථා වලින් හැදුනු කුණු අපි තලු මර මරා හරි රහට බුදිනවා. මේ මනුස්ස ශරීරයට කුණු හොද නෑ කියලා දැනෙද්දි අපිට අජිරණයක් හැදිලා ඉවරයි.
කරල්,පෙති,ගුලි,බෙහෙත් බිවිවට හො`ද කරන්න බෑ.

මේ ආදරේ දැනුන වෙලාවක එකට එකක් සම නැති වමට ඔහේ හිතුන දේවල් ටිකක් තමා මේ. කොහොම නමුත් මේ ආදරය නම් සුන්දරයි කියලා කියනවට කියලා ආදරේ සුන්දර කම මම තවම හොයනවා.
චාරක මධුරජිව
read more

“රට වටකර කට බැන්දත් කට වටකර වැට බදින්න බැනේ”-නදීශා හේමමාලී

, by Sri Lanka Youth News



විචිත‍්‍රවත් රංගන හැකියාවෙන් මෑත කාලයේ ඉමහත් ජනාදරයට පත් රංගනශිල්පිණියක ලෙස නදීෂා හේමමාලී හැදින්විය හැකියි. ඉතාම කාර්්‍යබහුල වටපිටාවකදී වුවද ඉතාම ලෙංගතුව අප සම`ග ඈ කළ සංවාදයයි මේ.
-ලංකාවේ නිලියකට හිමි තැන ගැන සැහීමකට පත් වෙනවද?
ඇත්තටම ලංකාවේ සිනමාව වුණත් දැවැන්ත කර්මාන්තයක් නෙමේ. එහෙම දැවැන්ත ඉන්ඩස්ටි‍්‍රයක් තියෙන රටවල වගේ ලොකු තැනක් අපේ රටේ නිලියකට හිමිවෙන්න බැහැ. ඒ අතින් ගත්තම සැහීමකට පත්වෙන්න අමාරුයි.
-රඟ පාන්න නිලියක් වෙන්න හීනයක් දැක්කද?
ලොකු හීනයක් තිබුණා. කවදාහරි ර`ග පාන්න පුදුමාකාර ආශාවක් තිබුණා. ඒ වෙනුවෙන් කැපවුණා. වෙහෙසුනා. අන්තිමට ඒ හීනය සැබෑ කර ගත්තා.
අද ඉන්න තැන ගැන ඔබට හිතෙන්නෙ මොනවද?
විශාල කැපවීම නිසාම මම අද මම බලාපොරොත්තු වුණ තැනට ඇවිත් ඉන්නවා. පේ‍්‍රක්ෂක ආදරය ලබන්න,ඒ අය දන්න කියන කෙනෙක් වෙන්න මට වාසනාව ලැබුණා.
අද පවතින කලාව ගැන ඔබට මොකද හිතෙන්නේ?
ලංකාවට කලාවක් තියෙනවා. ඒකන ෑ කියන්න බෑ. අපේ රට සංස්කෘතියක් කලාවක් තියෙන තිබුන රටක්. කොහොම වුණත් කලාව කියන එක පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙනවා.
-කටකතා,මඩ,අවලාද,ගොසිප් ගැන ඔබේ අදහස?
රට වටකර කට බැන්දත් කට වටකර වැට බදින්න බැනේ. ඒ වගේ වැඩ නැති අය නිකරුනේ ඉන්න අය කරන්නෙම ඒ වගේ දේවල් තමයි. ඉතිං ඒවා නතර කරන්න බෑ. වැඩ තියෙන අයට ඔය වගේ පහත් වැඩ කරන්න කාලයක් නෑ.
නිලියක් නොවුනානං අද ඔයා කොතැනද?
ගුවන් සේවිකාවක් වෙන්න තිබුණා. රටවල් වල සංචාරය කරන්න මම පුදුමාකාර ආසයි.
-දේශපාලනය ගැන ඔබේ අදහස?

More >>>  www.srilankayouthnews.com
read more

ලගදීම මම මේ මනුස්සයගේ සියලු දුෂ්ඨකම් හෙලි කරනවා”-ශිහාන් මිහිරංග

, by Sri Lanka Youth News


-එක්තරා කාලයක ශෙහාන් උන්මාදයක් බවට පත් වුණා. දැන් ඒ තත්ත්වය නැද්ද?
ඒ දවස්වල එකවරම අපි තරු බවට පත්කළා. දන්න නොදන්න විශාල පිරිසක් අපි වටේ හිටියා. අපි ඔසවා තිබුන ප‍්‍රමාණයට අනුව විශාල රැුල්ලක් අපි වටේ හැදුනා. එහෙම රැුල්ලට ආදරය කරන අය අද නෑ. ඒත් එදා මම වටේ හිටපු අති විශාල පිරිස අදත් මා වටේ ඉන්නවා. අදටත් මාව දකින්න,කතාබහ කරන්න පොරකන පිරිසක් ඉන්නවා. මම කරන කියන දේවල් ගැන ඔවුන් අවධියෙන් ඉන්නවා.
-ඇත්තෙන්ම මේ තරු වැඩසටහන් වලින් වෙන්නේ හීනයක් මවන එක නොවේද?
ඒක සීසන් වන් එකට අදාලයි කියලා මට හිතෙන්නේ නෑ. නමුත් ඊට පසු වැඩසටහන් දිහා බැලුවම ඒක ඇත්ත බව පේනවා. එදා අපි ඒ තරගෙට ගියේ සල්ලි හොයන්න බලාගෙන නොවේ. අපිට සංගීත උණක් තිබුණා. කලාව ගැන අශාවක් තිබුණා. නමුත් සීසන් හතර කරන කොට ආව ළමයින්ගේ මම ඇහුවම එයාල කීවේ පුදුමාකාර දේවල්. සමහරු කරමින් සිටි ජොබ් එක අතෑරලා ආව අය. සමහරු උසස් පෙළ අතෑරලා ආව අය. ඒඅ ය කීවේ පවුල ගොඩ ගන්න කොහොම හරි අවසන් දොලහට එන්න ඕණි කියලයි. ප්‍රොගෑම් කරන චැනල් වලටත් මේක හොද බිස්නස් එකක්. ඔවුන් අපුරුවට හීනය නිර්මාණය කරනවා.
කාලයක් තිබුණා පොලිටිකල් කළාම ගොඩ කියලා. තව කාලයක් තිබුණා ක‍්‍රිකටි ගැහුවම ගොඩ කියලා. දැන් සමහරුන්ට තියෙන්නේ අවසන් තරු දොළහට ආවම ගොඩ කියලා අදහසක්. ඔබ කීවා වගේම මේක හීනයක්. එහෙම ගොඩනං අර දොළහා ගානේ ආව තරු කෝ? එයාල ගොඩද? සමහර විට මේකෙන් වෙන්නේ උන්නටත් වඩා පහළට වැටෙන එක. අවසන් දොළහට ආවම තමන් ගැනම ලොකු අතිශෝක්තියක් හදා ගන්නවා. සීයට කපපු කොන්ඬේ කපන්න දහස් ගණන් වියදම් කරනවා. කෑම බීම ඇදුම් පැළ දුම් ඉතාම ඉහළ ඒවා ඕණි වෙනවා. ඇත්තෙන්ම අද ඔය වැඩසටහන් බිස්නස් ප්‍රොගෑම් විතරයි.
-මොනතරම් මාධ්‍ය තිබුණත් දිනපතා නිර්මාණ බිහිවුණත් කෝ ඒවට පැවැත්මක්. නමුත් ඉස්සර බිහි වු බොහෝ නිර්මාණ අදටත් පවතිනවා?

More >>> www.srilankayouthnews.com
read more