සරසවි නායකත්ව පුහුණුවේ දෙවන අදියර ලබන 17වනදා ඇරඹීමට සූදානම්

, by Sri Lanka Youth News


විශ්ව විද්‍යාවලට ඇතුළුවන නවක සිසුන් වෙත ලබාදෙන නායකත්ව හැකියා හා ධනාත්මක ආකල්ප වර්ධනය කිරීමේ පාඨමාලාවෙහි දෙවන අදියර ලබන 17වනදා ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පවසයි.
එසේම පුරා සති 03ක කාලයක් පුහුණු මධ්‍යස්ථාන 28ක පැවැත්වූ මෙම වැඩසටහනේ පළමුවන අදියර අතිසාර්ථකව නිමවෙමින් පවතින බවද ඒ මහතා කීය.
ඒ අනුව එහි දෙවන අදියර සඳහා මෙවර ශිෂ්‍ය ශිෂ්‍යයන් 10,000ක් වැනි සංඛ්‍යාවක් සහභාගී කර ගැනීමට අපේක්‍ෂිතය. ඒ යටතේ ශිෂ්‍යන් 6,000ක් සහ ශිෂ්‍යාවන් 4,000ක් බඳවා ගැනීමට නියමිතය. මැදවච්චියේ නාවික හමුදා පුහුණු මධ්‍යස්ථානයත්, සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යා පීඨයත් නව පුහුණු මධ්‍යස්ථාන දෙකක් ලෙස මෙහි දෙවන අදියර සඳහා එක් කර ගැනීමට සූදානම්ය.
අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කර සිටියේ පළමු කණ්ඩායමේ පුහුණුව ජුනි මස 11වනදා අවසන් වන බවත් අවශ්‍ය අයට පුහුණු මධ්‍යස්ථානවල සිට ගම්බලා යාමට ප්‍රවාහන අමාත්‍යාංශය මඟින් බස්රථ ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවත්ය.
එමෙන්ම දෙවල අදියර සඳහා වූ කැඳවුම් ලිපි අදාළ ශිෂ්‍ය ශිෂයාවන්ට මේවන විට යවා අවසන් බවත් එම සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක්ම ලබන 16වනදා සවස 6.30ට පෙර නියමිත පුහුණු මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බවද උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

0 comments: