බත් පාර්සල් වලට රෙජිෆෝම් පෙට්ටි /පත්තර කඩදාසි භාවිතය තහනම්

, by Sri Lanka Youth News


කොළඹ නගරයේ අලෙවි කරන පත් පාර්සල් සඳහා භාවිතා කරනු ලබන පොලිස්ටරීන් මිශ‍්‍ර ඇසුරුම් (රිජිෆොම් පෙට්ටි) ලබන අගෝස්තු 01 වැනිදා සිට භාවිතා කිරීම තහනම් කර ඇති බව කොළඹ මහනගර සභාවේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා කියයි.
එවැනි පෙට්ටිවල බහාලන ආහාර ද්‍රව්‍ය වලින් පිළිකා ඇතිවීමේ ඉඩකඩක් පවතින බවට වෛද්‍ය පර්යේෂණවලින් ඔපුප්වීමෙන් පසුව මෙම තීරණය ගත් බවද ඔහු පැවසීය.
මීට අමතරවල කෑම පාර්සල් එතීමට පත්තර කඩදාසි භාවිතය ද තහනම් කර තිබේ.
මෙම පත්තර කඩදාසිවල ඇති ඊයම් රසායනිකය දීර්ඝ කාලයක් ශරීරගත වීමෙන් ස්නායු ආබාධ ඇතිවීමේ ඉඩකඩක් පවතින බැවින් බත් එතීමට පත්තර කඩදාසි භාවිතය තහනම් කර ඇත.
කෑම පාර්සල් එතීමට සුදු පැහැති ඩිමයි කඩදාසි  භාවිතා කරන ලෙස ද කොළඹ මහ නගර සභාව උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

0 comments: