කළාශුරි අරිසෙන් අහුබුදු මහතා අභාවප්‍රාප්ත වෙයි

, by Sri Lanka Youth News




ශ්‍රී ලංකාවේ වෙසෙන කීර්තිමත් කතුවරයෙක්, කථිකයෙක්, ශාස්ත්‍රඥයෙක්, නාට්‍ය රචකයෙක්, ගුරුවරයෙක්,සිංහල ගීත රචකයෙක්, සහ කිවියෙක් හා හෙළ හවුලේ කැපී පෙනෙන සාමාජිකයෙක් වූ කළාශුරි අරිසෙන් අහුබුදු මහතා ඊයේ(26) කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී ඇත.
මිය යන විට එතුමා 91 වන වියේ පසුවිය.

ගල්කිස්සල ශාන්ත තෝමස් විදුහලේ ගුරුවරයකු වු ඔහු ගත්කතුවරයෙක්, කවියෙක්, ගීත රචකයෙක්, සාහිත්‍යධරයෙකු හා වියරණ පිළිබඳ විශාරදයෙකි.
සිංහල, ඉංගී‍්‍රසි පාලි හා සංස්කෘත භාෂා පිළිබඳ හසල දැනුමක් ඇති ඔහු 1920 මාර්තු 18 වැනිදා කොග්ගල, මලලගමදී මෙළොව එලිය දුටුවේය.
කළුතර රජයේ පාසලෙන් මුලික අධ්‍යාපනය ලබා 1942දී නිට්ටඹුව ගුරු අභ්‍යාස විදුලෙන් පුහුණු ගුරුවරයෙක් ලෙස පත්වීම් ලැබූ ඒ මහතා හෙළ හවුලේ නායක මුනිදාස කුමාරතුංගයන්ගේ ඇසුරෙන් හැඳී වැඩුනෙකු ලෙස ප‍්‍රකටය.
ඔහුගේ මුල් නම වු-අර්යසේන ආශුබෝධ යන නම අරියසෙන් අහුබුදු වුයේ කුමරතුඟු ඇසුරෙනි.
හතළිස් වසරක් පුරා බිළිඳුනට නම් තැබීමෙන් ඔහු වාර්තාවක්ද පිහිටුවා ඇත.

0 comments: