ආදරේ සුන්දරද කියලා මම තවම හොයනවා

, by Sri Lanka Youth News


තද අදුරු මකාලා සද එළිය වැටි අවට තුරුපත් ඇතුළු නෙත් මායිම රැදි පරිසරයේ ඡායා පිරුණු පරිසරයට පිරුණු සද පහන් වු රැයක සිත රැදුනු ප‍්‍රිය දසුන් මවා අනාගත සුභ සිහින දකින ආදර සිතුවිලි මොන තරම් ලස්සනයිද. ස්ථිරව ආදරයක් නොලබන ලැබෙන තුරා අතගිලි ගනින තමන්ට හිමි ආදරය සොයන කොල්ලෙක් මනක්කල්පිත අනන්ත පේ‍්‍රමයන්ගෙන් තනිව පෙම් සුව විදින කළ ඒ පේ‍්‍රමයන්ගෙන් මොනතරම් කවි ගී කොළ මත කුරුටු ගානවා ඇත්ද?

කවියක් ලියන්න,ගීයක් ලියන්න මනසේ නැගෙන පරිකල්පයේ සුන්දර බවට හැබෑවටම ලැබෙන තවත් හිතන පතන විදියේ අවංක ආදරයත් ඒ විදිහට ලැබෙන්නේ කීයෙන් කී දෙනෙකුටද? හිතන්නට බැරි පුංචිම පුංචි ගානකටම තමා ඒ වාසනාව නම් ලැබෙන්නේ.

එහෙමයි කියලා සීයට සීයක් ගැලපෙන තුරු බලා ඉන්නට ඕන කෙනෙක් ඉවසිලි වන්ත නෑ.
තමන් හිතන පතන විදියේ දැනෙන විදිහෙ සිතුම් පැතුම් කිහිපයක් හෝ සම උනෙත් ඕන කෙනෙක් ආදරය දෙන්නටත් ලබන්නටත් කිසිම වෙලාවක පසුබට වෙන් නෑ. එක තමයි ඇත්ත.

රූසෝ කියනවා වගේ ජිවත් වීම යනු ආශ්වාස කිරීමම පමණක් නොවෙයි. ඊට එහා ගිය මහා සන්වෙදිතා ගොඩක් ජිවිතේ බැදිලා තියෙනවා. එහි හරි සියුම් සංවේදනාවක් තමයි හිතෙන විදියට ආදරේ.

හරියට මලක පෙති වගේ. පුංචිම පුංචි බිලිංදෙක් වගේ,වවික කැඩපතක් වගේ,විටක මේ විදිහට බොහෝ දේ සම කරලා ආදරේ සියුම් බව පෙන්වන්න පුලුවන්.
 ඒත් මේ යැයි නිශ්චිතවම කාටවත් කියන්න බෑ.

ඒ තරමටම සියුම්.අර්ථ ගැන්විය නොහැකි අපුරු ආදරය හරි සොදුරුයි. මේ විදිහට සොදුරු ආදරය තමන් හිතන පතන විදිහටම නොලැබුනොත් මොනවාවෙයිද?

දෙන්නෙක් භෞතිකව එකට හිටියත් හිත දෙතනක නතර වෙන්නේ ආදරේ ඒ සියුම් එකතුව බිදුනහම වෙන්න ඇති.
ඒත් අපි ආදරේ ගැන සියුම්ව පරිකල්පනයෙන් ගැලපීම්,නොගැලපීම් හිතන්නේ නැතිව දන්න පළියට ගැලපීම්වලට වඩා නොගැලපීම් ඇති තාවකාලික පේ‍්‍රමයක් නිසා මොන තරම් ඉල්ලං කනවද.

හිත ගිය තැන මාළිගාව කියලා කිව්වට මාළිගාව තනන්න කලින් ඒ මාළිගාව තමන්ට ගැලපෙනවද?එහි ඉන්න පුලුවන්ද කියලා හිතන්නේ නැතිව ඉක්මනින් අපි තෝරගන්නවා ඉස් මුදුනෙන්ම ආදරේ.

ඊට පස්සේ වැඬේ අවුල් වුනාම පෙර පිනකට ලැබුණ ජිවිතෙන් පලිගන්න හදනවා.
‘‘මොන මෝඩ වැඩක්ද’‘කියලා හිතන්න පු`ථවන්.ඒත් ආදරයේ වේදනාව ආදරය කරලා බලන්නම වෙනවා. ඒ වගේම තමා විරහාවේ වේදනාවත්.බිදුනු පේ‍්‍රමයේ වේදනාවත්.

හිත බිදුනාම ඒ හිත හැදෙන්න දින,සති,මාස ගෙවිලා මහා දුෂ්කර ගමනක් පසු කරලා ආයි ආයි අපි දැක්ක පළියට ආදරේ සොදුරු බව විදින්නට යනවා. මේ විදිහට දම්වැලක පුරුක් වගේ එකිනෙක යාවෙන්න වගේ ආදරය කරනවා,බිදෙනවා,විදිනවා,විදවනවා. අවසානයේ විවාහය කියන තැනින් ටිකක් නවතිනවා.

 එතෙන්දීත් ගැලපීම් වලට වඩා නොගැලපීම් වැඩි උනත් අඩු ගැලපීමට වහා වැටිලා පස්සේ කාලේ මේ උනේ මොකද්ද කියලා හිතද්දි හොදටම පරක්කු වෙන්න පු`ථවන්. එතකොට අඩලා,දොඩලා පලක් නෑ. සමහර විට බැදීම් තවත් වැඩිවෙලා.වගකීම්,යුතුකම් වලට යටවෙලා.

ඒත් තමන් හිතන පතන සියුම් බව අර්ථ ගැන්විය නොහැකි ආදරය හිතට දැනෙද්දි කාටනම් එය යටපත් කරගෙන සිටිය හැකිද?
ඔන්න එතකොට අපිව හැදු සංස්කෘතිය දෙදරා යනවා.

කට කථා,පද හැදෙනවා.මහ නරක එකෙක් කියලා හංවඩු ගහනවා. ඒ හංවඩු ගහන එකා දන්නෑ අනුන්ට තමන් හංවඩු ගැහුවට ඇතැම් විට තමන්ගේ පිටෙත් ගාවඩුවත් තියෙනවා.
එහෙමත් නැතිනම් මොන මොහොතක හරි තමන්ටත් හංවඩු වදියි කියලා. මේ හිනාවෙන්නේ තමන්ටමයි කියලා. එහෙම නොහිතා කථා හදනවා.

කොහොම කොහොම හරි සුන්දරයි කියන ආදරේකට කථා වලින් හැදුනු කුණු අපි තලු මර මරා හරි රහට බුදිනවා. මේ මනුස්ස ශරීරයට කුණු හොද නෑ කියලා දැනෙද්දි අපිට අජිරණයක් හැදිලා ඉවරයි.
කරල්,පෙති,ගුලි,බෙහෙත් බිවිවට හො`ද කරන්න බෑ.

මේ ආදරේ දැනුන වෙලාවක එකට එකක් සම නැති වමට ඔහේ හිතුන දේවල් ටිකක් තමා මේ. කොහොම නමුත් මේ ආදරය නම් සුන්දරයි කියලා කියනවට කියලා ආදරේ සුන්දර කම මම තවම හොයනවා.
චාරක මධුරජිව

0 comments: