චීස් සොරකම් වැඩිවෙලා ලු!

, by Sri Lanka Youth News


බි‍්‍රතාන්‍යයේ සිදුකරන ලද සමීක්‍ෂණයකින් ලොව වැඩිපුරම සොරකම් කෙරෙන ආහාර වර්ගය චීස් බව හෙළි වී ඇත.
 මෙම සමීක්‍ෂණය සඳහා රටවල් 43ක් පුරා ශාඛා 250,000ක් පවතින සිල්ලර වෙළෙඳසැල් සමාගම් 1,1187 ක් යොදාගෙන ඇත.
ලොව පුරා විකිණීමට ඇති චීස් වර්ග වලින් 4ක් මෙලෙස සොරකම් කෙරෙන බව එම සමීක්‍ෂකයන් පවසා ඇත.
ලෝක වෙළඳපොලේ චීස් මිල ඉහළ යාම හමුවේ මෙවැනි තත්වයක් උද්ගතවීම පුදුමයක් නොවන බව එම පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂවරයා විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.
මෙලෙස චීස් විශාල ප‍්‍රමාණයක් සොරකම් කරනු ලබන්නේ නැවත වෙළඳපොළට විකිණීමේ අරඹුණන් බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.
මෙලෙස වැඩිපුරම සොරකම් කෙරෙන ආහාරපාන අතරට මස්, චොක්ලට්,ළදරු කිරිපිටි හා මත්පැන් ද එක් වී ඇත.

0 comments: