දුම්රිය අනතුරු වැළැක්වීම සඳහා රේල් ට්‍රැකින්..

, by Sri Lanka Youth News


දුම්රිය අනතුරු වැළැක්වීම සඳහා රේල් ට්‍රැකින්(rail tracking system)ක්‍රමය පසුගිය 30 දා සිට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කළ  බව එහි සැලසුම් අධ්‍යක්ෂ විජය සමරසිංහ මහතා පවසයි.
ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ උපදෙස් පරිදි දුම්රිය සාමාන්‍යාධිකාරි බී.ඒ.පී. ආරියරත්න මහතා විසින් මෙය ක්‍රියාත්මක කර ඇත.
දුම්රිය එන්ජිමේ ඉලෙක්ට්‍රොනික පරිපථයක් සවිකිරීම තුළින් දුම්රිය අනතුරු වැළැක්වීමේ මෙම රේල් ට්‍රැකින් නව තාක්ෂණික ක්‍රමවේදය  හඳුන්වා දි තිබේ.ඒ තුළින් දුම්රිය රියැදුරුට කිලෝමීටර් 10 දුර සිදුවන දෑ පිළිබඳ ව දැනගැනීමට හැකියාව ලැබේ.
කොළඹ සිට පිට පළාත්වලට ධාවනය කෙරෙන සීග්‍රගාමි දුම්රිය එන්ජින් 10ක අත්හදා බැලීමක් වශයෙන් එම උපකරණය සවිකරන අතර එහි සාර්ථකත්වය මත ඉදිරියේදී මෙය සියලු ම එන්ජින්වල සවිකරනු ලැබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඇසුරිණි.

0 comments: