වඳුරන් විවාහ කරදීම
ඉන්දියාවේ රාජස්තාන් ප‍්‍රාන්තයේ සිදුවූ අපූරු විවාහයක් පිළිබඳව මෙම පුවත වාර්තා වේ. රාජේෂ් නම් ත‍්‍රීරෝද රථ රියදුරකු විසින් හදාවඩාගත් වඳුරෙකු මෙම විවාහයේ මනමාලයා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි. රාජේෂ් සමග එක්ව ආහාර ගැනීම,දුම්බීම,නිදාගැනීම ද සිදුකරන මෙම වඳුරා එම ප‍්‍රදේශයේ ගම්වැසියන් අතර මහත් ප‍්‍රසිද්ධියක් ලබා ඇති බව සඳහන්ය.
පසුව නුදුරින් පිහිටි ගමක පූජකවරයෙකු විසින් ඇතිදැඩි කරමින් සිටි චින්කි නම් වැඳිරියක් හා රාජු නම් මෙම වඳුරාගේ විවාහය සිදුකිරීමට රාජේශ් තීරණය කර තිබේ. මෙම විවාහය සඳහා ආරාධනාපත් සියගණනක් මුද්‍රණය කර ඇති අතර, මීට අමතරව එම ගමේ සියලුම ජනතාවට විවෘත ආරාධනාවක් ලබා දී ඇති බව ද සඳහන්ය.
කෙසේ වෙතත් මෙම විවාහය සඳහා රාජස්තාන් ප‍්‍රාන්තයේ වන සංරක්‍ෂණ නිලාධාරීන් විරෝධතාවය පළ කර ඇති බව ද වාර්තා වේ. ඉන්දියාවේ වඳුරන් එරට රජයේ දේපළක් ලෙස සංරක්‍ෂණය කර ඇති හෙයින් ඔවුන්ව සුරතල් කිරීම, පුහුණු කිරීම හෝ ඇතිදැඩි කිරීම එරට නීතියෙන් තහනම් වේ.
මේ හේතුවෙන් වඳුරන් දෙදෙනෙකු මෙලෙස විවාහ කරදීම ද නීතිවිරෝධී බව පවසමින් මංගල උත්සවයට සහභාගී වන සියළු දෙනා අත්අඩංගුවට ගන්නා බව වන සංරක්‍ෂණ නිළධාරීන් අනතුරු අඟවා ඇත. කෙසේ වෙතත් මෙම විවාහය රහසිතව වනාන්තරයේදී සිදුකර ඇති බව මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි.
0 comments:
Post a Comment