ටින් ටින් 3D දෙසැම්බරයේදී ..
ටින් ටින් කාටුන් පොත හා කාටුන් චිත්රපට පෙළට ඇළුම් නොකරන අයෙක් නොමැති තරම් ය.වසර 80කට වඩා පැරණි ළමා කාටුන් කතා මාලාවක් වන ටින් ටින්ගේ වීර ක්රියා ති්රමාණ චිත්රපටයක් ලෙසින් ලබන දෙසැම්බරයේදී එලිදැක්වීමට නියමිතයි.එම ති්රමාණ රුවට නැගීමට මුල්වී ඇත්තේ ස්ටීවන් ස්පිල්බර්ග්ය.
ටින් ටින් ත්රිමාණ චිත්රපටයේ ප්රධාන චරිතයවන තරුණ වාර්තාකරුවාගේ චරිතය වන ටින් ටින්ගේ චරිතය, නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් නිර්මාණය වීම ද විශේෂත්වයකි.
ජැමී බෙල් නම් වූ නළුවා විසින් ටින් ටින් චරිතයට අදාළව සියලූ ත්රිමාණ චලනයන් හා හඬ කැවීම් මෙම චිත්රපටය සඳහා ලබා දී තිබේ.
ජෝසප් හර්ජ් අතින් 1929 වසරේ දී නිමවුණු ටින් ටින් චිත්ර කතා මාලාව ලොකු කුඩා සියල්ලන් අතර ජනප්රියත්වයට පත්වූවකි.
එහෙයින් නව මුහුණුවරකින් එළි දකින ති්රමාණ ටින් ටින්ගේ වීරක්රියා ද ලොවපුරා පේ්රක්ෂකයින් අතර ජනපි්රයවනු ඇතැයි චිත්රපටයේ නිර්මාණකරුවන් විශ්වාසය පළ කර සිටියි.
0 comments:
Post a Comment