විවාහවීමේ වයස අවුරුදු 15 දක්වා අඩු කිරීමට යයි

, by Sri Lanka Youth News


තරුණියන්ගේ විවාහ වීමේ වයස් සීමාව අඩු කිරීම කෙරෙහි සිය අවධානය යොමුව ඇතැයි රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ.සෙනෙවිරත්න මහතා කියයි.


අමාත්‍යවරයා මේ  බව පැවසුවේ, රත්නපුර දිස්ත‍්‍රික් විවාහ,උප්පැන්න රෙජිස්ට‍්‍රාර්වරුන්ගේ සංගමයේ 40 වැනි සංවත්සරය වෙනුවෙන්පසුගිය 29දා පැවති උත්සවයකදීය.
මේ සඳහා යෝජනා කර නීතී කෙටුම්පත් කළද ඇතැම් කාන්තා සංවිධාන සහ මව්වරුන්ගේ සංවිධානවලින් එයට එරෙහිව විශාල දෝෂාරෝපණයක් සෙනවිරත්න මහතා සඳහන් කළේය.
විවාහ වීමේ වයස අවුරුදු 15 දක්වා වත් අඩු කිරීමට සළකා බලමින් සිටින බවද ඔහු කීය.
මෙම වයස් සීමාව අඩු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇතැයි ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

0 comments: