පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනාට එංගලන්ත අධිකරණයක් මගින් සිරදඬුවම්

, by Sri Lanka Youth News

::::විදෙස් |ක‍්‍රීඩා::::>>>
සල්මන් බට් හට වසර දෙක හමාරක් 
මොහොමඩ් අසීෆ්ට වසරක් 
මොහොමඩ් අමීර්ට මාස 6ක් 


පාකිස්ථානු ක‍්‍රිකට් ඉතිහාසයට කලු පැල්ලමක් එක් කරමින් මුදලට තරග පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනාට, ඊයේ(3) එංගලන්ත අධිකරණයක් මගින් සිරදඬුවම් නියම කරනු ලැබුවා.
ඒ අනුව පාකිස්ථාන හිටපු ක්‍රිකට් නායක සල්මන් බට් හට වසර දෙක හමාරක ද මොහොමඩ් අසීෆ්ට වසරක සහ මොහොමඩ් අමීර්ට මාස 6 බැගින් ද සිරදඩුවම් නියම කෙරුණා.
මෙම තරග පාවාදීමට සම්බන්ධ තැරුව්කරු වන මස්හාර් මජීඩ් හට ද වසර දෙකකුත් මාස 8 ක සිරදඬුවමක් එංගලන්ත අධිකරණය විසින් නියම කරා. 
පසුගිය වසරේ එංගලන්ත කණ්ඩායම සමග ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති ටෙස්ට් තරගයේ දී බුකීකරුවන්ගේ ඉල්ලීමට අනුව කටයුතු කිරීම හේතුවෙන් මෙම ක්‍රීඩකයින් තිදෙනා වරදකරුවන් ලෙස තීරණය කෙරුණු අතර
මේ සම්බන්ධයෙන් මීට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ද අදාළ ක්‍රීඩකයින් තිදෙනාට තරග තහනමක් පනවනු ලැබුවා.

0 comments: