තජ් මහලත් කෑමට ගනී...!
::::විදෙස් |විනෝදාත්මක::::>>>
ආහාරයට ගත හැකි ,ලොව විශාලතම තජ් මහලෙහි ආකෘතියක් නිර්මාණය කරමින් ලෝක වාර්තාවක් තැබීමට ආහාර නිර්මාණකරුවකු පසුගියදා සමත් වුණා.
ව්‍යාංජන, රසකාරක,බත්, පපඩම් සහ බොම්බේ අර්තාපල් ආදිය යොදාගනිමින් අඩි 3 xඅඩි 10 xඅඩි 5 ක විශාලත්වයකින් යුත් මෙම ආකෘතිය නිර්මාණය සඳහා දින 05 ට වැඩි කාලයක් ගතවූ බවයි මෙහි නිර්මාණකරුවා පැවසුවේ.තජ් මහල් ආකෘතියේ ගෝලාකාර කොත සම්පූර්ණයෙන්ම නිර්මාණය කර ඇත්තේ චපාති නම් ආහාර වර්ගය යොදාගනිමින්.
අමෙරිකාවේ ආහාර ජාලයක නව ආහාර වර්ගයක් හඳුන්වාදීමේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් මෙම අපූරු තජ් මහල නිර්මාණය කර තිබුණා.තජ් මහල පිහිටි උද්‍යානයේ කොටසක් සඳහා පපඩම් ද, ගස් සඳහා කොළ මිරිස් ද, යොදාගෙන ඇති අතර උද්‍යානයේ වෙනත් සැරසිලි වෙනුවෙන් අඹ චට්නි ද යොදාගෙන ඇත.
0 comments:
Post a Comment