එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්ෂික මානව සංවර්ධන දර්ශකයට අනුව ශ්‍රී ලංකාවට 97 වන ස්ථානය

, by Sri Lanka Youth News

::::දේශීය | සංවර්ධන::::>>>
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංවර්ධන වැඩසටහන නිකුත් කළ වාර්ෂික මානව සංවර්ධන දර්ශකයට අනුව ශ්‍රී ලංකාවට 97 වන ස්ථානය හිමි වී තිබේ.
මානව සංවර්ධන දර්ශකයේ දකුණු ආසියානු රටවල් අතරින් ශ්‍රී ලංකාව පෙරමුණේ  සිටින අතර ඉන්දියාවට 134 වන ස්ථානය හිමිව ඇත.
පාකිස්ථානයට හිමිව ඇත්තේ 145 වන ස්ථානය වන අතර බංග්ලාදේශයට 146 වන ස්ථානය හිමි ව තිබේ.
මානව සංවර්ධන දර්ශකයේ පළමු ස්ථානය නෝර්වේ රාජ්‍යයට හිමි වී ඇති අතර ඕස්ට්‍රේලියාව එහි දෙවන ස්ථානයට පත්ව ඇත.

0 comments: