අන්තර්ජාතික ජල පීඩන රොකට් තරගයට ලාංකික සිසුවෙක් සුදුසුකම් ලබයි

, by Sri Lanka Youth News


සේයා රුව ලංකාදීප පුවත් වෙබ් අඩවිය ඇසුරිණි
ආසියා ශාන්තිකර කලාපීය ජල පීඩන රොකට් තරගයෙන් ශ‍්‍රී ලංකාවේ ජාතික ශූරතාවය දිනාගැනීමට කඳන්ගමුව නවෝද්‍යා මහා විදුහලේ එච්.ආර්. හිරාජ් මධුරාජ් සිසුවා සමත්ව තිබෙනවා. ඒ අනුව 15 හැවිරිදි වියෙහි පසුවන ඔහු  සිංගප්පුරුවේ පැවැත්වීමට නියමිත අන්තර්ජාතික තරගයට සුදුසුකම් ලබා සිටියි.
මොරටුවේ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය විසින් මෙම තරගය පැවැත්වූ අතර පාසල් 43 ක් පරදවා මධුරාජ් මුල් තැනට ද, කොළඹ අශෝක විදුහලේ මොහොමඞ් හාපීන් දෙවැනිතැන ද ,මහනුවර ත‍්‍රිත්ව විදුහලේ පසී අහමඞ් තෙවැනි තැන ද දිනාගෙන තිබේ.

0 comments: