පාසල් සිසුන් දෙදෙනකු අතර සිදුවූ ගැටුමකින් එක් සිසුවකු ජීවිතක්ෂයට
ඊයේ(31)රඹුක්කන පොලිස් බල ප්‍රදේශයේ රඹුක්කන දුම්රියපොළ ආසන්නයේදී පාසල් සිසුන් දෙදෙනකු අතර සිදුවූ ගැටුමකින් එක් සිසුවකු ජීවිතක්ෂයට පත්ව ඇත.
රඹුක්කන,පරාක්‍රම විද්‍යාලයේ අටවන වසරේ ඉගනුම ලබන පාසැල් සිසුන් දෙදෙනෙකු අතර සිදුවූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් එක් සිසුවකු අනෙක් සිසුවකු ගලකින් පහරදී ඇති බව පොලීසිය කියා සිටියි.
ගල් පහර හේතුවෙන් තුවාල ලැබූ සිසුවා රඹුක්කන රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී එම සිසුවා මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
මෙසේ මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 13 ක් වූ එච්.පී දමිත් මධුෂාන් නැමැති බංගලාවත්ත-වහවල රඹුක්කන ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුවෙකි.
රඹුක්කන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
0 comments:
Post a Comment