"ටොමටීනා"...........!
ලොව පුරා ප්‍රසිද්ධව ඇති ස්පාඤ්ඤයේ තක්කාලි සැනකෙළිය එරට Bunol නගරයේදී පැවැත්විණි. මෙම තක්කාලි සැනකෙළිය "ටොමටීනා" යන නාමයෙන් හදුන්වයි.
එකිනෙකාට තක්කාලි වලින් ගසමින් විනෝද විය හැකි මෙම උත්සවයට ලොව පුරා රටවල සංචාරකයන් ඇතුළු පුද්ගලයන් 40,000ක් පමණ සහභාගී වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි. මේ සඳහා අවශ්‍ය තක්කාලි රැගත් ට්‍රක් රථ 5ක් Bunol නගරයට ප්‍රවාහනය කර තිබුණි.
මල්වෙඩිල්ලකින් ඇරඹුනු මෙම තක්කාලි සටන හේතුවෙන් Bunol නගර වීදි අති විශාල තක්කාලි සුප් හැලියක් මෙන් දිස් වූ බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.මෙවර උත්සවයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 200ක් පමණ යොදවා තිබිණි.
0 comments:
Post a Comment