බන්ධනාගාරගතව සිටින රැඳවියන් සඳහා වෘත්තීය පුහුණුවක්..

, by Sri Lanka Youth News


බන්ධනාගාරගතව සිටින රැඳවියන් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීම වෙනුවෙන් යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය සමග ගිවිසුමක් අත්සන් කිරීමට සූදානම් බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසනවා.


අද(05) දිනයේ අත්සන් කෙරෙන මෙම ගිවිසුම යටතේ පළමු අදියර යටතේ බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් වෙනුවෙන් වෘත්තීය පුහුණුව ලබාදීමට නියමිතයි. 


මේ ‍අතර රැඳවියන් සඳහා ලබා දෙන දින 7 නිවාඩුව සහ බලපත්‍ර සහිතව නිදහස ලැබීමේ ක්‍රමය පිළිබඳ අවධානය යොමු කරන බව අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා සඳහන් කරයි.


විනයගරුකව සිටින රැඳවියන් සඳහා අදාළ නිවාඩුව දින 10 සහ14 දක්වා ක්‍රමයෙන් වැඩි කිරීමට ද පියවර ගන්නා බව බෝගම්බර බන්ධනාගාරයේ ඊයේ(04) පැවති උත්සවයක දී ඔහු සඳහන් කළේය.

0 comments: