එල් ජී අයි.සී.සී.සම්මාන උළෙලේ දී කුමාර් සංගක්කාරට සම්මාන දෙකක්..
ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් දෙවන වරටත් සංවිධාන කර ඇති එල් ජී අයි.සී.සී.සම්මාන උළෙලේ දී දී සම්මාන දෙකකට හිමිකම් කීමට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරට හැකිව තිබේ.
2011 වසර සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කළ මෙම සම්මාන ප්රදානෝත්සවය ඊයේ(12) එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්වුණි.
එහිදි වසරේ එක්දින ක්‍රිකට් ක්‍රිඩකයා සහ වසරේ ජනතා කැමැත්ත දිනූ ක්‍රිඩකයා යන සම්මාන දෙකම කුමාර් සංගක්කාරට හිමි විය.
එක්දින තරග 25කට සහභාගී වී ලකුණු 1049ක් ලබාගනිමින් ලකුණු සාමාන්‍යය 55. 21 අගයක් මේ වසර තුළ රඳවා ගැනීමට කුමාර් සංගක්කාරට හැකිවී තිබේ.
ඊට අමතරව මේ වසර තුළ උඩපන්දු 26 ක් රැකගෙන ඇති කුමාර් සංගක්කාර ස්ටම්ප්ස් කිරීම් 10 ක් සිදුකිරීම විශේෂත්වයකි.
මෙම සම්මාන උළලේ දී සම්මාන දෙකක් හිමිකරගත් එකම ක්‍රීඩකයා බවට ද කුමාර් සංගක්කාර පත්ව ඇත.
මෙම සම්මාන උළලේ දී වසරේ අයි .සි.සි. ක්‍රිකට් ක්‍රිඩකයා ලෙස එංගලන්ත ක්‍රීඩක ජොනතන් ට්‍රොට් සම්මාන හිමිකරගත් අතර වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස එංගලන්ත ක්‍රිකට් නායක ඇලෙස්ටියාර් කුක් සම්මාන හිමිකර ගත්තේය.
වැඩි විස්තර පහත Link එකෙන්
http://icc-cricket.yahoo.net/events_and_awards/lg_icc_awards/winners.php
0 comments:
Post a Comment