මුන්නේස්වරම කාලි දේවාලයේ මෙවරත් වාර්ෂික බෙලි කැපීමට සූදානම්......!
හලාවත මුන්නේස්වරම කාලි දේවාලයේ වාර්ෂික බිලි පූජාව මෙවරත්, මේ මස 13 වන අඟහරුවාදා පැවැත්වීමට දේවාල භාරකාර මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වේ.මෙම වාර්ෂික බිලි පූජාවට දැඩි විරෝධතා ද එල්ල වී අධිකරණ ක්රියාමාර්ග වලටද යොමු වී ඇත. නමුත් අද උදෑසන වන විට එළුවන් හත් දෙනෙකු ද කුකුළන් 14 දෙනකු ද ඒ සඳහා ගෙනැවිත් තුබූ බවත් එම ප්රමාණය වැඩි විය හැකි බවත් වාර්තා වේ.ප්රබල සංවිධාන දහයක් මේ පූජාවට විරෝධය දක්වා ඇත. ගිය වසරේ එළුවෝ 47 දෙනෙක් ද කුකුලෝ 70 දෙනෙක් ද බෙලි කැපීමට ලක් වූහ.
0 comments:
Post a Comment