මාලිංගගේ, Game එක Change කිරීම

, by Sri Lanka Youth News

ශ‍්‍රී ලංකා  පිළේ 300 වන එක්දින තරඟ ජයග‍්‍රහ


සංචාරක ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගනයේදී පැවති තුන්වන එක්දින තරඟයෙන් ලකුණු 78ක ජයක් ලබා ගන්නට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් විය.


කාසියේ වාසිය දිනූ  ඕස්ටේ‍්‍රලියානු නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා පිළ, පන්දු වාර 50ක් අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 286ක් ලබා ගත්තේය.


ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාගත් නායක තිලකරත්න දිල්ෂාන් සහ උපුල් තරංග පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 139ක් ලබා ගත්තේය. උපුල් තරංග ලකුණු 111ක් ලබා ගත්තේය. දිල්ෂාන් ලකුණු 55ක් සහ සංගක්කාර ලකුණු 49ක් ලබා ගත්තේය.


ලකුණු 287ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට පන්දුවාර 44.3ක් අවසානයේ සියලුම දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 208ක් පමණි. මයික් හසී ලකුණු 63ක් ලබා ගත්තේය.


පන්දු යැවීමේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලසිත් මාලිංග ලකුණු 28කට කඩුළු 5ක් ලබා ගත්තේය. තරඟයේ වීරයා සම්මානය උපුල් තරංග හිමි කරගත්තේ ය.


දෙරට අතර පැවැත්වෙන එක්දින තරඟාවලියේ 2-1ක් ලෙස  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ඉදිරියෙන් සිටී.

0 comments: