එක්සත් ජාතීන්ගේ යුද විද්‍යාලයේ ජාත්‍යන්තර ශිෂ්‍ය සංගමයේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට

, by Sri Lanka Youth News


 එක්සත් ජාතීන්ගේ යුද විද්‍යාලයේ ජාත්‍යන්තර(United States Army War College) ශිෂ්‍ය සංගමයේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමිව ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිහාල් හපුආරච්චි මහතා පැවසීය.


ඒ අනුව මේජර් ජනරාල් උදය පෙරේරා මහතා අදාළ සභාපතිධුරයට පත්ව ඇත.
මෙරට ඉතිහාසයේ යුද හමුදා නිලධාරියෙකු මෙම තනතුරට පත්වූ ප්‍රථම අවස්ථාව මෙය වනු ඇත.
මේජර් ජනරාල් උදය පෙරේරා මහතා මෙම තනතුරට පත්ව ඇත්තේ ලොව පුරා රටවල් 67ක යුද හමුදා නිලධාරීන් පිරිසක් අතුරෙනි.
1981 වර්ෂයේ දී කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වූ උදය පෙරේරා මහතා එල්. ටී. ටී. ඊ. යට එරෙහිව ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශ ක්‍රියාත්මක කළ මානුෂීය මෙහෙයුමට ද එක් වූ අයෙකි.

0 comments: