කොළඹ අවට ප්‍රදේශ වල පාසැල් සිසුන්ට ලිංගික ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා පාලු නිවෙස් සැපයීමේ ජාවාරමක්
පුද්ගලයින් හතර දෙනෙකු අත් අඩංගුවට....
කාන්තාවන් දෙදෙනෙකු ද මේ අතර..
කොළඹ අවට ප්‍රදේශ වල පාසැල් සිසුන්ට ලිංගික ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා පාලු නිවෙස් සැපයීමේ ජාවාරමක් මෙහෙයවන කාන්තාවන් දෙදෙනෙකු ද ඇතුලු පුද්ගලයින් හතර දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
මහරගම ප්‍රදේශයේ පාසැලක පෙම්වතුන් ජෝඩු 2ක් සමඟ පිළියන්දල දී මධුවිතින් සප්පායම් වෙමින් සිටිය දී මෙම සැකකරුවන් හතර දෙනා පොලිසියේ අත්අඩංගුවට පත් වී ඇත.
අදාළ සැකකරුවන් විසින් සැපයූ නිවෙසේ දී ඔවුන් විසින් තමන්ට සැපයූ තාවකාලික ඇඳුම් හැඳ ගෙන පාසල් නිල ඇඳුම් පාසැල් බෑගයට දමා ගත් බව ප්‍රශ්න කිරීමේ දී පාසැල් ශිෂ්‍යාවන් විසින් අනාවරණය කර තිබේ.
මෙම ජාවාරමට සම්බන්ධ කාන්තාවන් සහ පුරුෂයන් අඹු සැමියන් නොවන බවත්, නමුත් ලිංගික ජාවාරම් හා මෙවැනි කූට ජාවාරම් පිළිබඳව අන්‍යොන්‍ය වශයෙන් හොඳින් දන්නා පුද්ගලයින් බවත් තහවුරු වී ඇතැයි පොලිස් වාර්තා සදහන් කරයි.
මේ අතර පුද්ගලික පන්ති පැවැත්වෙන ස්ථාන වලට පැමිණෙන ජාවාරම්කරුවන් විසින් පාසැල් පෙම්වතුන්ට පෙම් කිරීම ,ලිංගික ක්‍රියාකාරකම් සඳහා හුදකලා ස්ථාන සැපයීම සහ පාලු නිවෙස් සැපයීම සඳහා පාසැල් සිසුන්ව මෙවැනි ක්‍රියාකාරකම් සඳහා පොළඹවන බව ද පොලිසිය විසින් අනාවරණ කර ගෙන තිබේ.
0 comments:
Post a Comment