කොරියානු ප්‍රවීණතා විභාගයේ අයදුම්පත් නිකුත් කිරිම අද සිට ආරම්භ වේ.
කොරියානු ප්‍රවීණතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරිම අද(08) සිට සිදුකෙරෙන බව වාර්තා වේ.
කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක කොරියානු ප්‍රවීණතා විභාගයට අදාළ අයදුම්පත් නිකුත් කිරීම අද පෙරවරු 8.30 සිට සිදුකිරීමට කටයුතු යොදා ඇත.
මෙවර පසුගිය වරට වඩා අයදුම්පත් නිකුත් කරන මධ්‍යස්ථාන 28ක් ප්‍රාදේශීය වශයෙන් ස්ථාපිත කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රධානී කල්‍යාණ ප්‍රිය රාමනායක මහතා පවසයි.
මේ හේතුවෙන් පිට පළාත්වල සිටින කිසිඳු පුද්ගලයෙකු අයදුම්පත් ලබා ගැනීම සඳහා කොළඹට පැමිණීමේ අවශ්‍යතාවයක් නොවන බව ඔහු අවධාරණය කර සිටියේය.
සිය ප්‍රාදේශීය කාර්යාලවලින් කිසිදු බාධාවකින් තොරව අයදුම්පත් ලබා ගත හැකි වන ක්‍රමවේදයක් මේ වන විටත් සැලසුම් කර ඇති බව රාමනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
0 comments:
Post a Comment