කොළඹ ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසැලක 17 හැවිරිදි සිසුවියක අපයෝජනයට ලක් වේ
කොළඹ ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසැලක 17 හැවිරිදි සිසුවියක අපයෝජනයට ලක් කර එය වීඩියෝගත කළැයි සැක කෙරෙන එම පාසැලේම පිහිනුම් පුහුණුකරු අත් අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මෙහෙයුම් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
සති අන්තයේ පිහිනුම් පුහුණුවීම් කටයුතු සඳහා පැමිණි අදාළ සිසුවිය මෙසේ අතවරයට ලක් වී තිබේ. අදාළ පුහුණුකරු විසින් ආයතන කළමනාකාරීත්වයෙන් අවස්ථා කිහිපයක දී වැටුප් වැඩි කරන ලෙස ඉල්ලීම් කර තිබෙන නමුත් එය ප්‍රතික්ෂේප වී තිබේ.මේ හේතුව නිසා පාසැලේ කළමනාකාරීත්වය අපහසුතාවයට ලක් කිරීම සඳහා මෙවැන්නක් සිදු කරන්නට ඇතැයි පරීක්ෂණ කණ්ඩායම් සැක පහළ කරයි.
සැකකරු හඳුනා ගැනීම සඳහා මහජන සහය අපේක්ෂාවෙන් ඔහුගේ අනන්‍යතා පත්‍රයේ ඡායාරූපයක් මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට අපේක්ෂා කරන බව පොලීසිය පවසයි.
0 comments:
Post a Comment