තරුණ හුවමාරු වැඩසටහනේ දෙවන අදියර

, by Sri Lanka Youth News

මෙම වසරේදී කි‍්‍රයාත්මක වන තරුණ හුවමාරු වැඩසටහනේ දෙවන අදියර ශි‍්‍රලංකා -බංග්ලාදේශ තරුණ හුවමාරු වැඩසටහනෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත.ඒ අනුව නිළධාරීන් දෙදෙනෙකු සහ තරුණ තරුණියන් දස දෙනෙකු මෙම අවස්ථාවට සහභාගි වේ. විශේෂයෙන්ම බංග්ලාදේශයේ තරුණ කටයුතු පිළිබ`ද අවබෝධයක් ලබා දීම සහ දෙරට අතර අත්දැකීම් හුවමාරුව ස`දහා මෙම වැඩසටහන කි‍්‍රයාත්මක වේ.දීර්ඝ කාලයක සිට නොපැවතුණු තරුණ හුවමාරු වැඩසටහන් වල නව පිබිදීමක් ජාතික තරුණ සේවා සභාවේ නව සභාපතිතුමන් යටතේ දැන් ඇති තිබෙන අතර මෙයට පෙර මෙම වසරේදී පකිස්ථාන්- ශි‍්‍රලංකා තරුණ හුවමාරු වැඩසටහනක්ද පැවැත්වුණි.

0 comments: