සමලිංගිකයන්ගේ අයිතීන් වෙනුවෙන් පැවැත්වූ කලම්බෝ ප්‍රයිඩ් 2011

, by Sri Lanka Youth News

පසුගිය වසරේ මෙරට පැවති සමලිංගිකයන්ගේ අයිතීන් වෙනුවෙන් පැවැත් වූ කොලොම්බෝ ප්‍රයිඩ් 2010 උත්සවය මහත් ආන්දෝලනයට පත්වූවා.
මෙම වසරේද ඉක්වල් ග්‍රවුන්ඩ් සංවිධානය විසින් කොලොම්බෝ ප්‍රයිඩ් උත්සවය ඉතා ඉහලින් සංවිධානය කොට තිබුනා.
ඉක්වල් ග්‍රවුන්ඩ් යනු ගැහැණු පිරිම් සමලිංගිකයන්, ද්වි ලිංගික, ලිංගය මාරුවන,අන්තර්ලිංගිකයන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ලාබ නොලබන රාජ්‍ය නොවන සංවිධානයකි.
මෙහිදී චිත්‍රපට ප්‍රදර්ශනයක්ද, සරුංගල් උත්සවයක් හා නිම්මි හසරංග ගේ ආන්ටි නෙටා වැඩසටහන් මෙවර ප්‍රධාන තැනක් ගත්තා.

ලංකාවේ ක්‍රියාත්මක වන නීතියට අනුව සමලිංගික ක්‍රියාවන්හි යෙදීම නිත්‍යානුකුල නොවන අතර දකුණු ආසියාවේ මෙම ආයතනය ක්‍රියාත්මක වන එකම රටද ලංකාව වේ.
පසුගිය මැයි මාසයේ පැවති සමලිංගික භීතිකාවට එරෙහි දිනයේදී මෙම සංවිධානය විසින් සමලිංගික භීතිකාවට එරෙහිව ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීම් පවා පල කළා.
එමෙන්ම ලංකාවේ ප‍්‍රසිද්ධ ජංගම දුරකතන සේවා සපයන සමාගමක් එයට අනුග‍්‍රහය ලබා දී තිබූ බව නිල නොවන ආරංචි හරහා වාර්තාවනවා





3 comments:

Anonymous said...

Disgusting !!!!!!!!!!!!!!!!!

Anonymous said...

When every time we see people who are not like us, not one of us, the fat, the ugly, the different, the poor, the rich, the skinny, the sexually different, the one who don’t believe in same things I believe, who don’t love same things I love, the one outside the tribe, it make me feel Disgusting.

Anonymous said...

We shouldn't be so closed minded and small in our thinking, it's the 21st century! About time we learned to be tolerant of people who are different. If we cannot do that we are no better than animals. Each man and woman should have the chance of loving who they want, it does not define them as a person at all....so GROW UP!