ආදිවාසි සමරුව වාකරේදී
අගෝස්තු මස 09 වැනිදා යෙදෙන ලෝක ආදිවාසී දිනයට සමගාමීව මෙවර ආදිවාසීන්ගේ දිනය ජූලි 31 සහ අගෝස්තු 01 යන දිනවලදී මඩකලපුව - වාකරේදී සැමරේ.
ලෝක ආදිවාසීන්ගේ දිනය නිමිත්තෙන් වාකරේ සල්ලතිව් වෙරළබඩදී ආදිවාසී ඇගැයීම් උත්සවයක් ඊයේ 31 ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
සංස්කෘතික කටයුතු හා කලා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය ඒකාබද්ධ මෙම උත්සවය සංවිධානය කරනු ලැබීය.
මෙවර ආදිවාසී ඇගයිම් උළෙල සඳහා වැදි නායක ඌරු වරිගයේ වන්නිලා ඇත්තෝ ප්රමුඛ දිවයින පුරා විසිරී සිටින විවිධ කණ්ඩායම්වලට අයත් ආදිවාසී පිරිස් සහභාගී විය. තවද වෙරළබඩ වැද්දන් ලෙස හැඳින්වෙන වාකරේ,යාපනයල මඩකලපුව සහ ත්‍රිකුණාමලය ඇතුළු ප්‍රදේශ ගණනාවක ජීවත්වන පිරිස්ද මේ සඳහා සහභාගීවීම මෙම උත්සවයේ ඇති විශේෂත්වයයි.
ලොව වෙනත් රටවල ආදීවාසීන් වඳ වී යාමේ තර්ජනයට මුහුණ දුන්නද අප රටේ ආදී වාසීන්ට එම ඉරණම අත් නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.
මෙරට පැවති ත්‍රස්තවාදය අපට මෙන්ම ආදී වාසී ජනතාවට ද දරුණු ලෙස බලපෑ බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
වීර කැප්පැටිපොල නිළමේ තුමන් අධිරාජ්‍ය වාදීන්ට එරෙහි කැරලි ගසන විට එහි සහයට සිටියේ ද වැදි ජනතාව බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.
එදා සිට අද දක්වාම කතරගම පෙරහැරේ යාමට සහ දළඳා වහන්සේට මී පැණි පූජාව පැවැත්වීමේ වරප්‍රසාදය ආදී වාසීන්ට ඇති බැවින් එයින් ඔවුන්ට මෙරට ඇති උරුමය කියා පාන බව ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
මෙහි දී ආදී වාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ ප්රමුඛත්වයෙන් පවත්වන ලද වරිග සභාවේ සාකච්ඡා කෙරුණු ගැටලු හා යෝජනා ඇතුළත් සංදේශයක් ද ඌරුවරිගේ වන්නිල ඇත්තන් විසින් ජනාධිපතිවරයාට භාර දෙනු ලැබිණි.
මෙහි දී වන ජීවී දෙපාර්තමේන්තුව හා ආදී වාසීන් අතර ගිවිසුමක් අත්සන් කෙරුණු අතර ආදීවාසීන් කිහිප දෙනෙකුට වනජීවී දෙපාර්තමේන්තුවේ රැකියා අවස්ථා ප්රදානය කිරීම ද සිදුවිය.
ඊට අමතරව වැදි ජනතාව පිළිබඳ සමාජ ආර්ථික සමීක්ෂණ වාර්තාව කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ශානික හිරිබුරේ මහත්මිය විසින් මෙහි දී ජනාධිපතිවරයාට පිළිගන්වනු ලැබුවාය.
ආදීවාසීන් සඳහා නිවාස තනා දීමේ ව්‍යාපෘතියේ ආරම්භය සනිටුහන් කරමින් එක් නිවසක අයිතිය ඔවුන්ට පැවරීම ද ජනාධිපතිවරයා විසින් සිදු කෙරුණි.
0 comments:
Post a Comment