2012 ඔලිම්පික් පදක්කම් එළිදැක්වේ

, by Sri Lanka Youth News


ලබන වසරේදී ලන්ඩන් හි පැවැත්වීඹට නියමිත ඔලිම්පික් තරගාවලියේ ප‍්‍රදානය කිරීමට නියමිත පදක්කම් එළිදක්වා ඇත.


ලන්ඩනයේ ට‍්‍රැෆල්ගා චතුරස‍්‍රයේ දී පසුගියදා පැවති උත්සවයකදී බි‍්‍රතාන්‍යයේ ඈන් කුමරිය විසින් මෙම පදක්කම් එළිදක්වා තිබේ.


විශ්කම්භයෙන් මි.මී. 85ක් වන මෙම පදක්කමක බර ග‍්‍රෑම් 375 - 4000 අතර වන අතර, මෙය ගිම්හාන ඔලිම්පික් තරගාවලියක ප‍්‍රදානය කර ඇති විශාලතම පදක්කම ලෙස සටහන් වේ.


මෙම පදක්කමේ ඉදිරිපසෙහි දැක්වෙන්නේ පාතනොන් දේවස්ථානයෙන් පිට ව ඔලිම්පික් තරගාවලියේ සත්කාරක රට වෙත යමින් සිටින නයිකි දෙවඟනය.


ඇය ජයග‍්‍රහනය සඳහා අධිපති ග‍්‍රීක දෙවඟනයි.



2012 ඔලිම්පික් තරගාවලියේ ලාංඡනය ඇතුළු සංකේතාත්මක පසුබිමක් අනෙක් පසෙහි දැක්වේ.


මෙම පදක්කම් බි‍්‍රතාන්‍ය ජාතික කලාකරුවෙකු වන ඬේවිඩ් වොට්කින්ස් විසින් නිර්මාණය කර ඇත.



2012 ඔලිම්පික් උළෙලේ දී මෙවැනි පදක්කම් 2,100ක් ප‍්‍රදානය කිරීමට නියමිතය.

0 comments: