දෝනිගේ පිත්ත පවුම් 100,000කට වෙන්දේසි වෙයි
ඉන්දීය කි‍්‍රකට් නායක මහේන්ද්‍ර සිං දෝනි, ලෝක කුසලාන අවසන් මහා තරගයට කී‍්‍රඩා කළ පිත්ත ඉන්දීය රුපියල් ලක්ෂ 72 කට(පවුම් 100,000) කට වෙන්දේසි වී ඇතැයි වාර්තා වේ.
විලෝ ලීයෙන් නිමවූ මෙම පිත්තට අමතරව දෝනි විසින් ලෝක කුසලාන අවසන් මහා තරගයදී භාවිතා කරන ලද තවත් ආම්පන්න කිහිපයක්ද මෙහිදී වෙන්දේසි වී ඇතැයි වාර්තා වේ.
මීට අමතරව ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී සාචා ජෆ්රි ගේ සිතුවමක් ද මෙහිදී ඉන්දීය රුපියල් කෝටි 1.81 කට(පවුම් 250,000) වෙන්දේසී වී ඇත.
ඇලන් බෝඩර්, ලසිත් මාලිංග,රිකී පොන්ටින් හා ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් වැනි ලොව විශිෂ්ට කී‍්‍රඩකයන්ගේ අත් සලකුණු සහ අත්සන් මෙම සිතුවමේ ඇතුළත් වේ.
ඉන්දීය රුපියල් කෝටි 3.26 ක්(පවුම් 450,000) ක මුදලක් මෙම වෙන්දේසියෙන් උපයාගැනීමට සමත් වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මෙම මුදල් වලින්’විනින් වේස් ටුඩේ ෆො ටුමාරෝ’’ යන සිය සමාජ සේවා සංවිධානය හරහා ඉන්දියාවේ රාන්චි ප්‍රදේශයේ ළමුන් වෙනුවෙන් ක්‍රිකට් පාසැලක් තැනීමට නියමිත බව දෝනි මාධය වලට පවසා ඇත.
මෙම පාසැලේ කාර්ය මණ්ඩලයට හා ළමුන් හට නවාතැන් ලෙස ඊට නුදුරින් නිවාස සංකීරණයක් ද ඉදිකිරීමට අදහස් කර සිටින බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.
0 comments:
Post a Comment