පරිගණක අපරාධකරුවන් කොටුකර ගැනීම සඳහා මහා පරිමාණ මෙහෙයුමක්...
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ආරක්ෂක ලේකම් ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පරිගණක අපරාධකරුවන් කොටුකර ගැනීම සඳහා රහස් පොලිසිය මහා පරිමාණ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
මෙම මෙහෙයුම රහස් පොලිසියේ ස්ථාපිත කරන ලද විශේෂ පරිගණක අපරාධ විමර්ශන මෙහෙයුම් ඒකකයක් සහ රසායනාගාරයක් ඔස්සේ සිදු කෙරෙන බව පැවසේ.
මහා පරිමාණ මූල්‍ය වංචා, ක්‍රෙඩිට් කාඞ් වංචා,කප්පම් ලබාගැනීම,චරිත ඝාතන,ව්‍යාජ තොරතුරු පළ කිරීම, බ්ලැක්මේල් කිරීම ඇතුළු පරිගණක සහ අන්තර් ජාලය හරහා සිදුකෙරෙන අපරාධ දිනෙන් දින වැඩිවෙමින් පැවතීම හේතුවෙන් මෙම ඒකකය පිහිටුවා ඇතැයි පැවසේ.
රහස් පොලිසිය මේ වන විට ඒ හා සම්බන්ධ පැමිණිලි සියයකට වැඩි ප්‍රමාණයක් පිළිබඳ පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ.
කෝටි ගණනක මූල්‍ය වංචාල විශ්වවිද්‍යාලයක ලකුණු වෙනස් කිරීම්ල චරිත ඝාතනල විදේශ මුදල් (NRFC) සොරකම් කිරීම් ඇතුළු පරිගණක අපරාධ ගණනාවක් එම පරීක්ෂණවලට අදාළ බවද පැවසේ.
මෙම අපරාධවලට සම්බන්ධ සැකකරුවන් විශාල පිරිසක්ද මේවන විට කොටුකරගෙන තිබේ.
අදාළ ඒකකයට පැමිණිල්ලක් ලැබුණ වහාම ඒ පිළිබඳ ක්ෂණිකව ක්‍රියාත්මක වී අපරාධකරුවන් කොටුකර ගැනීමට විශේෂ තාක්ෂණික ක්‍රම යොදා ඇති බවද වාර්තා වේ.
තවද අපරාධකරුවන් ලක්ෂ පහකගේ ඇඟිලි සළකුණු මෙම විශේෂ පරිගණක මෙහෙයුම් පද්ධතියට ඇතුළත් කර ඇතැයිද පැවසේ.
මෙම ඒකකයට අපරාධකරුවකු කොටුකරගෙන විනාඩි කිහිපයකින් ඔහු පිළිබඳ තොරතුරු හෙළිකරගැනීමේ විශේෂ පද්ධතියක් ද තිබෙන බව වාර්තා වේ.
යම් පරිගණක අපරාධයක් සිදුකර ඊට අදාළ පරිගණක විස්තර විනාශ කර තිබුණ ද එම සියලූ තොරතුරු සොයා ගැනීමට මෙම ඒකකයට හැකියාව ඇතැයි ද පැවසේ.
ජනාධිපතිවරයා 2005 වර්ෂයේදී මෙම මෙහෙයුම් ඒකකය පිළිබඳ යෝජනා කර තිබී ඇති අතර, 2007 ජුලි මාසයේ විශේෂ කැබිනට් පත්‍රිකාවක් මගින් එම මෙහෙයුම් ඒකකය රහස් පොලිසිය තුළම ස්ථාපිත කළයුතු බවට තීරණය වී තිබේග
ඒ අනුව මෙය ආරම්භ කර තිබේ.
පොලිස්පතිවරයාගේ උපදෙස් මත රහස් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ එහි අධ්‍යක්ෂකවරයා යටතේ මෙම පරිගණක මෙහෙයුම් ඒකකය ක්‍රියාත්මක වේ.
විශේෂයෙන් පුහුණු කරන ලද පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් දාහතර දෙනෙක් එහි මෙහෙයුම් කටයුතු සිදු කරන බවත්ල රුපියල් කෝටි ගණනක වියදමින් ආරම්භ කරන ලද එම මෙහෙයුම් ඒකකයට මූල්‍ය ආධාර ලෝක බැංකුවෙන් ලැබී තිබේ.
සෙසු තාක්ෂණික කටයුතු තොරතුරු තාක්ෂණ සන්නිවේදන ආයතනය(ICTA )සහ කොළඹ විශ්ව විද්‍යාලය මගින් ලැබී තිබේ.
පරිගණක අපරාධ පිළිබඳ පැමිණිලි කිරීම සඳහා දුරකථන අංක සහ ඊමේල් ලිපින හඳුන්වා දී තිබේ.
ඒ අනුව 011-2380380, 011-2422176 යන දුරකථන අංකවලට හා ද oic.cidcom@Police.lk සහ dig.cid@police.lk යන ඊමේල් ලිපිනවලටත් පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.

0 comments:
Post a Comment