පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සැසිය අද

, by Sri Lanka Youth News


පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සැසිය අද(22) ලන්ඩන් නුවරදී ආරම්භ වේ.
පොදු රාජ්‍ය මණ්ඩලය නියෝජනය කරමින් රටවල් 53 ක ජ්‍යෙෂ්ඨ දේශපාලඥයින් රැසක් මේ සඳහා සහභාගී වීමට නියමිතය.


ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කථානායක චමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් මීට සහභාගි වේ.


දෙවන එළිසබෙත් මහ රැජිණගේ ප්‍රධානත්වයෙන් අද(22)ඇරඹෙන මෙම සැසිය ලබන 28 වන දින දක්වා පැවැත්වේ. 


ප්‍රජාතන්ත්‍රවාදය සවිගන්වමු යන්න මෙවර සැසියේ තේමාව වී ඇත. 

0 comments: