මෙරට දිගම බස් නැවතුම්පළ විවෘත කෙරේ

, by Sri Lanka Youth News

ගාල්ල මධ්‍යම බස් නැවතුම්පළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද විවෘත කෙරිණි.
එය මෙරට ඉදිකෙරුණු දිගම බස් නැවතුම්පළ වේ.
දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් වි‍ජයලාල් ද සිල්වා පැවසුවේ මෙය දකුණු පළාතට ස්වර්ණමය සිහිවටනයක් වනු ඇති බවය.
ගාල්ල බස් නැවතුම්පළේ දිග මීටර් 161ක් වන අතර පළල මීටර් 10ක් වේ.
දෙමහල් බස් නැවතුම්පළක්වන මෙහි බිම් මහල වර්ග මීටර 1,255ක් වන අතර උඩු මහල වර්ග මීටර 2,152කින් යුක්ත වේ.
උඩු මහල තුළ කාමර 16ක් ඇති අතර බස් නැවතුම්පළේ පුවත්පත් වෙළෙඳසැල් 04ක් හා එක් ආපනශාලාවක්ද ඉදිකර තිබේ.
මේ අතර ස්වයංක්‍රීය බැංකු ටෙලර් යන්ත්‍ර 4ක්ද තිබේ.
‍එයට අමතරව ගැහැණු /පිරිමි විවේකාගාර 2ක් හා අබාධිත විවේකාගාර 1ක්ද ඉදිකර තිබේ.

0 comments: