සචින් තෙන්ඩුල්කාර් ටෙස්ට් ලකුණු පහළොස් දහස ලබා ගනී
ඉන්දීය කණ්ඩායමේ සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් ටෙස්ට් තරග ඉතිහාසයේ ලකුණු පහළොස් දහස ලබා ගත් ලොව පළමු ක්‍රීඩකයා බවට පත් වීමට සමත්විය.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව මේ දිනවල පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඔහු ලකුණු පහළොස් දහස පසු කළේය.
මේ වන විට 83 වන ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගී වන සචින් තෙන්ඩුල්කාර් 38 වන වියෙහි පසුවෙයි.
ඔහු එක්දින තරග වල ද වැඩිම ලකුණූ සංඛ්‍යාවක් හිමි කර ගැනීමට සමත්ව සිටින අතර වැඩිම ටෙස්ට් හා එක්දින ශතකලාභියා වශයෙන් ද මේ වන විටත් සචින් තෙන්ඩුල්කාර් ක්‍රිකට් වාර්තා පොතට ඇතුළත් වී අවසන්ය.
0 comments:
Post a Comment