ජාතික යොවුන් පාපැදි තරගය දෙසැම්බර් 08
යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කරනු ලබන ජාතික යොවුන් පාපැදි සවාරිය දෙසැම්බර් 08 වන දින මඩකලපුව නගරයෙන් ආරම්භ වේ.දින 03 ක් පුරා පැවැත්වෙන මෙම තරගය දෙසැම්බර් 10 වන දින මාතර නගරයෙන් අවසන් වීමට නියතව ඇත.
මෙම තරගයේ විශේෂත්වය වන්නේ පැපැදි තරග ඉතිහාසයේ දැවැන්තම ත්‍යාග මුදල් පිරිනමන තරගාවලිය මෙය විමයි. එමෙන්ම මෙහි ප්‍රථම ස්ථානය වෙනුවෙන් වටිනා මෝටර් රථයක් පිරිනැමීමටද නියමිතය.
එමෙන්ම මෙම පාපැදි තරගාවලිය වසරක් පුරා පැවැත්වීමට කටයුතු සූදානම් කරන බව ඊයේ (24) පැවති මාධ්‍ය සාකච්ජාවේදී ජාතික තරුණ සේවා සභාවේ ගරු සභාපති අධ්යක්ෂ ජනරාල් නීතීඥ ලලිත් පියුම් පෙරේරා මහතා පැවසීය.
මෙම මාධ්‍ය සාකච්ජාවට යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක යන මහත්වරුන්ද සහභාගි විය.
මෙම තරගය සදහා අයදුම්පත් දෙසැම්බර් 01 වන දිනට පෙර
සහකාර අධ්යක්ෂ
කී‍්‍රඩා සංවර්ධන අංශය
ජාතික තරුණ සේවා සභාව
මහරගම
ලිපිනයට හෝ 0112-850986-දිගුව 220 දුරකතනයෙන් විමසීමෙන් දැනගත හැක.
0 comments:
Post a Comment