ශ්‍රී ලංකාවේ විශාලතම ඉන්ධන සේවා සැපයුම් මධ්‍යස්ථානය විවෘත වේ
ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිකර ඇති නවීනතම හා විශාලතම ඉන්ධන සේවා සැපයුම් මධ්‍යස්ථානය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතින් ඊයේ (05) විවෘත විය.
කුරුවිට රත්නපුර මාර්ගයේ පිහිටා ඇති මෙම නවීන ඉන්ධන සේවා සැපයුම්හලට අමතර ව සුපිරි වෙළෙඳ සංකීර්ණයක්,වාණිජ බැංකුවක්, අති නවීන ආපන ශාලාවක් සහ ටෙලර් පහසුකම්වලින් ද මෙම සැපයුම් මධ්‍යස්ථානය සමන්විත වේ. කේ.ඩී.යු. සමුහ ව්‍යාපාරය මඟින් සේවා සැපයුම් මධ්‍යස්ථානය ඉදිකර ඇත.
මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ.සෙනවිරත්න, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි,සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්,විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර, මාලදිවයිනේ ශ්‍රී ලංකා තානාපති ඩික්සන් දෑල මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි වුහ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ඇසුරිනි.
0 comments:
Post a Comment