නීතිවිරෝධී ලිංගික උත්තේජන ඖෂධ හා කෘත‍්‍රිම ලිංගික අවයව අලෙවි කරන ස්ථානයක් වටලයි

, by Sri Lanka Youth News


බියගම - පේරගහමුල හන්දිය ප‍්‍රදේශයේ දීර්ඝ කාලයක සිට පවත්වාගෙන ගිය නීතිවිරෝධී ලිංගික උත්තේජන ඖෂධ හා කෘත‍්‍රිම ලිංගික අවයව අලෙවි කරන ස්ථානයක් වැටලීමට ගම්පහ දිස්ත‍්‍රික් ආහාර හා ඖෂධ පරීක්‍ෂකවරුන් සමත්ව ඇත.මෙය ලියාපදිංචි නොකළ අලෙවිසැලක් වන බවද වාර්තා වේ.
කෘත‍්‍රිම ලෙස සැකසූ ලිංගික අවයව මෙරටට ආනයනය කිරීම තහනම් වන අතර අත්අඩංගුවට ගත් මෙම කෘති‍්‍රම ලිංගික අවයව තොගය විදේශ රටකින් ආනයනය කර ඇතැයි වාර්තා වේ.
මෙම ලියාපදිංචි නොකළ උත්තේජන ඖෂධ සහ ලිංගික අවයව අලෙවි කර තිබෙන්නේ පුවත්පත් දැන්වීම් පළකර ප‍්‍රසිද්ධියේ වීම විශේෂත්වයකි.
වැටළීම සිදුකරන අවස්ථාවේදී ද ගනුදෙනුකරුවෙකු ඒවා මිලදී ගැනීම සඳහා අදාළ ස්ථානයට පැමිණ සිටි තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.
මෙම වැටලීමේදී එහි සේවය කළ පුද්ගලයෙකු  අත්අඩංගුවට ගෙන තිබෙන අතර පසුව ඔහු රුපියල් 50,000 ක සහතික ඇප මත මුදාහැර ඇත.

0 comments: