ලෝක සංචාරක දිනය අද
එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය විසින් ප්‍රකාශයට පත්කරන ලද, සංස්කෘතීන් සබැඳීම යන තේමාව යටතේ මේ වසරේ ලෝක සංචාරක දිනය සැමරේ.සංචරණයේ වටිනාකම හා එහි සංස්කෘතික වටිනාකම පිළිබඳ ව ජාත්‍යන්තර ප්‍රජාවගේ දැනුම වර්ධනය කිරීමත්, සංස්කෘතික විවිධත්වය පිළිබඳ ව අවබෝධාත්මක අත්දැකීම් ලබාගැනීමත් මෙම වසරේ තේමාව මගින් අවධානය යොමුකර ඇත.
සංචාරක කර්මාන්තය වෘත්තියක් ලෙස සිය වෘත්තීයමය සංවර්ධනය සඳහා සලකා බැලීමට තරුණ පිරිස් බලගැන්වීමත් එ මඟින් රටේ සංවර්ධනයට දායකවීමෙන් අවසානයේ ශී‍්‍ර ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත්කිරීමත් මෙම වසරේ ප්‍රධාන අවධානයට යොමු වී ඇති කරුණුය. මෙහි මූලික අදහස වන්නේ වෙනත් වෘත්තීන් හා සම ව පවතින සංචාරක කර්මාන්තයට සම්බන්ධ කරගැනීමට උනන්දු කරවීමත්, මේ පිළිබඳ ව රටේ අනාගත නායකයන් දැනුවත් කිරීම මෙන් ම බුද්ධි ගලනය අවම කිරීමත්ය.
ලෝක සංචාරක දිනය සැමරීමේ ප්‍රධාන උත්සවය අද (27) කොළඹ බේරේ වැව ආශ්රිත කලාපයේ දී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
ලෝක සංචාරක දිනයට සමගාමී ව කොළඹ මධ්‍යයේ පිහිටි බේරේ වැව අසල දී (උත්තරානන්ද මාවතේ සිට පෙරහැර මාවත දක්වා) සංචාරක කලාපයක් පැවැත්වීම මෙවර විශේෂත්වයකි.'රෝඩ් ටු පැරඩයිස් ' යන තේමාව යටතේ ක්‍රියාත්මක මේ සැමරුම් කලාපයේදී කිලෝමීටරයක් දිගින් යුත් චිත්‍රයක් පසුගිය 25 වැනි දා සිට බස්නාහිර පළාත් පාසැල් සිසුන්ගේ අතින් නිර්මාණය කෙරිණ. බස්නාහිර පළාතේ පාසැල් 110ක් නියෝජනය කරමින් සිසුන් 2000කට වැඩි සංඛ්‍යාවක් ඊට සහභාගී වන අතර "කොළඹ තාප්පය" ලෙස එය නම් කර ඇත. වේගයෙන් සංවර්ධනය වන කොළඹ නගරය අනාගත දරු දැරියන් දකින ආකාරය මේ දරුවන්ගේ අතින් සිතුවමට නැගීම විශේෂත්වයකි.

0 comments:
Post a Comment