ජාත්‍යන්තර ළමා දිනයට සමගාමී ව දිවයින පුරා විවිධ වැඩසටහන් රැසක්
ඔක්තෝබර් 01(හෙට)දිනට යෙදී ඇති ජාත්‍යන්තර ළමා දිනයට සමගාමී ව දිවයින පුරා විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශයෙන් වාර්තා වේ.
ප්‍රාදේශීය, දිස්ත්‍රික්ක හා ජාතික මට්ටමින් හොඳ ම ළමා සමාජ තෝරා එම ළමා සමාජවලට ත්‍යාග ප්‍රදානය ඔක්තෝබර් 01 වෙනිදා අරලියගහ මන්දිරයේ පැවැත්වෙන ජාතික ළමා දින සැමරුම් උත්සයේ දී ජනාධිපතිතුමා අතින් සිදු කිරීමට නියමිතයි.
මෙදින ම බරපතළ අවදානමට ලක් විය හැකි ළමුන් සිටින පවුල් හඳුනාගැනීමේ දීප ව්‍යාප්ත සමීක්ෂණයක් සිදු කරන අතර පාසල් නොයන හා කඩින් කඩ පාසල් යන දරුවන් පාසල්ගත කිරීමේ වැඩසටහනක් ද ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. කුඩා දරුවන්ගේ මනෝ සමාජීය සංවර්ධනය සඳහා දෙමාපිය කාර්යභාරය යන මැයෙන් දෙමාපියන් හා දරුවන් රැක බලා ගන්නවුන් දැනුවත් කිරීමක් ද සිදු කෙරේ.
මෙම වැඩසටහන දීප ව්‍යාප්ත ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර ලියාපදිංචි ළමා නිවාස 22ක පුස්තකාල පහසුකම් වැඩි දියුණු කිරීමේ කටයුතු ද එදින ම සිදු කෙරේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඇසුරිණි.
0 comments:
Post a Comment