ළමා නිවාසයක දැරියන් පිරිසක් අපයෝජනයට ලක් කළ , නිවාසයේ භාරකරු ලබන 2 වැනිදා දක්වා රිමාන්ඩ්

, by Sri Lanka Youth News


ජා - ඇල ප්‍රදේ‍ශයේ ළමා නිවාසයක දැරියන් පිරිසක් අපයෝජනයට ලක් කළේ යැයි චෝදනා ලැබ සිටින එම නිවාසයේ භාරකරු ලබන 2 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කර ඇත.


සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ඔහුට ඇප ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.නමුත් පොලිසියේ කරුණු දැක්වීම මත එය අධිකරණය විසින් ප්‍රතික්පේෂ කර ඇත.


සිද්ධියට අදාළ පරීක්ෂණ තවදුරටත් පැවැත්වෙන බැවින් ඇප ඉල්ලීමට විරුද්ධත්වය පළ කරන බව පොලිසිය පැවසුවේය.


අදාළ කරුණු සලකා බැලූ අධිකරණය සැකකරු තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළ අතර ලබන 2 වැනිදා පරීක්ෂණ වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කරන ලදී.

1 comments:

Anonymous said...

kaala hamarai..............