ව්‍යාංජන සුවඳැති සුවඳ විලවුන්

, by Sri Lanka Youth News

පිසින ලද ව්‍යාංජන සුවඳ හමන අපූරු සුවඳ විලවුන් වර්ගයක් නිෂ්පාදනය කිරීමට සුවඳ විලවුන් නිෂ්පාදන සමාගමක් සමත්ව තිබේ. කෝමා, ටික්කා මසාලා,මැඩ්රස්,වින්ඩලෝ සහ රොගන් ජෝශ් යන ආහාර වර්ගවල සුවඳින් යුතු කාන්තාවන් සහ පුරුෂයින් සඳහා වන විලවුන් වර්ග 05 ක් මෙම සමාගම විසින් නිෂ්පාදනය කර ඇත. මෙම එක් එක් වර්ගයේ ව්‍යාංජන වර්ගයේ සුවඳ ලබාගැනීම සඳහා එම ව්‍යාංජන සඳහා යොදන අමු ද්‍රව්‍ය ද භාවිත කිරීම තවත් විශේෂත්වයකි. මෙවර ගිම්හාන ඍතුවෙන් පසුව මෙම ව්‍යාංජන සුවඳැති විලවුන් වෙළඳපොළට නිකුත්වීමට නියමිත බව ද සඳහන්ය.

0 comments: