අපේ සංගාට ඡන්දයක් දෙන්න ඔබටත් අවස්ථාවක්
සංගා,අයි.සී.සී.සම්මානයකට නිර්දේශ වේ
ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් දෙවන වරටත් සංවිධාන කර ඇති එල් ජී අයි.සී.සී.සම්මාන උළෙලේ දී පිරිනැමීමට නියමිත සම්මාන අතුරින් විශිෂ්ටම ක්‍රීඩකයාට හිමි ජනතා සම්මානය සඳහා ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර නිර්දේශ වී ඇතැයි වාර්තා වේ.
ඉන්දියාවේ මහේන්ද්‍ර සිං දෝනි,කොදෙව් දූපත්හි කි‍්‍රස් ගේල්,දකුණු අපි‍්‍රකාවේ හෂීම් අම්ලා හා එංගලන්තයේ ජොනතන් ට්‍රොට් මේ සම්මානය සඳහා නිර්දේශ වී ඇති අනිත් ක්‍රීඩකයන් වේ.
හිටපු බටහිර ඉන්දීය කොදෙව් නායක ක්ලයිව් ලොයිඩ්, පාකිස්තානයේ සහීර් අබ්බාස්, එංගලන්තයේ මයික් ගැටින් හා දකුණු අපි‍්‍රකාවේ පෝල් ඇඩම්ස් යන කි‍්‍රකට් ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් විසින් මෙම ක්‍රීඩකයන් ව තෝරාගෙන ඇත.
නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය පවසන්නේ www.lgpeopleschoice.com වෙබ් අඩවිය ඔස්සේ අගෝස්තු 25 දා ගි්රනීච් වේලාවෙන් පෙ.ව. 11 දක්වා මෙම ක්‍රීඩකයන් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ හැකි බවයි.
අවසාන ඡන්ද ප්රථිඵලය සැප්තැම්බර් 12 දින ලන්ඩනයේ පැවැත්වීමට නියමිත සම්මාන උළෙලේ දී නිවේදනය කිරීමට නියමිතය.
2010 දී මෙම සම්මානය හිමි වූයේ සචින් තෙන්ඩුල්කාර් හටය.
0 comments:
Post a Comment