චේ ගුවේරාගේ තවත් දිනපොතක් මුද්‍රණාද්වාරයෙන් පළවේ
කියුබානු විප්ලවයේ නියමුවෙකු වූ අර්නෙස්ටෝ චේ ගුවේරාගේ මෙතෙක් ප්‍රසිද්ධ නොකළ දිනපොතක් මුද්‍රණය කර ඇති බව කියුබාව පවසයි.
ඔහු ෆිදෙල් කැස්ත්‍රෝ ඇතුළු ගරිල්ලා සටන්කාමීන්සමඟින් කියුබානු විප්ලවයේදී ලැබූ අත්දැකීම් මෙම දිනපොතට ඇතුළත් වී තිබේ.කියුබානු විප්ලවවාදීන් ග්‍රැන්මා යාත්‍රාවෙන් පැමිණ කියුබාවට ගොඩ බසින ලද 1956 දෙසැම්බර් 02 දින සිට විප්ලවය ජයග්‍රහණය කරමින් ඒකාධිපති පාලකයා වූ ජනරාල් බැටිස්ටා පළවා හරින ලද 1959 ජනවාරි 01 දින දක්වා සිදුවීම් චේ ගුවේරාගේ මෙම දිනපොතට ඇතුළත් වී තිබේ.
අර්නෙස්ටෝ චේ ගුවේරාගේ බිරිඳ අලෙයිදා මාර්ච් සහ දියණිය අලෙයිදා ගුවේරා පොත එළිදැක්වීමේ උත්සවයට සහභාගී වෙමින්
චේ ගුවේරාගේ බිරිඳ වූ අලෙයිදා මාර්ච් පවසන්නේමෙම දිනපොත කිසිදු සංස්කරණයකට ලක් නොකළ බවයිග සැබෑ .චේ. එලෙසින්ම පාඨකයාට සමීප කිරීම සඳහා මෙම කෘතිය සංස්කරණයට ලක් නොකළ බව ඇය වැඩිදුරටත් පවසා තිබේ. Diary of a Combatant (සටන්කාමියෙකුගේ දිනපොත) ලෙස මෙම දිනපොත නම් කර තිබේ.පසුගිය 14 අඟහරුවාදාට යෙදුනු චේ ගුවේරාගේ 83වන ජන්ම දිනය වෙනුවෙන් පැවති මෙම කෘතිය එළි දැක්වීමේ උත්සවයට අර්නෙස්ටෝ චේ ගුවේරාගේ බිරිඳ අලෙයිදා මාර්ච් සහ දියණිය අලෙයිදා ගුවේරාද පැමිණ සිටියහ. එම අවස්ථාවට ආරාධිතයින් ලෙස කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික ජොර්ජ් රිස්කුවෙස්ට් සහ දැනට ඇමරිකානු අත්අඩංගුවේ පසුවන කියුබානුවන් පස්දෙනාගේ පවුල්වල අයද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
Ocean Press නැමැති ඔස්ට්‍රේලියානු ප්‍රකාශන ආයතනයක් විසින් මෙම කෘතිය පළකර තිබේ.
චේ ගුවේරාගේ දිනපොත මිළදී ගැනීමට පැමිණි පාඨකයන්
0 comments:
Post a Comment