චැනල් 4 බොරුවට මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගෙන් ඇමරිකාවේදී පිළිතුරු

, by Sri Lanka Youth News

MAJ. GEN. SHAVENDRA SILVA ANALYZING CHANNEL-4 VIDEO


චැනල් 4 වීඩියෝ පටය යොදා ගනිමින් ඇමරිකාවේදී ශ‍්‍රී ලංකාව අප‍්‍රසාදයට ලක්කිරීමට ගත් උත්සාහයක් මැඩ පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පියවර ගෙන තිබෙනවා. 
රජයේ නිල පුවත් වෙබ් අඩවිය සඳහන් කළේ, ජගත් සංවිධානය තුළ ශ‍්‍රී ලංකාවට පීඩනයක් ඇති කිරීමේ අරමුණින් ලොව ප‍්‍රධාන පෙළේ සංවිධාන 3 ක් විසින් චැනල් 4 නාලිකාවෙන් ශ‍්‍රී ලංකාවට එරෙහිව විකාශය කළ වැඩසටහන ප‍්‍රදර්ශනය කරමින් ඊට සංවාදයක් ගොඩනැගීමට කටයුතු කර ඇති බවයි.ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනය, හියුමන් රයිට්ස් වොච් සහ ඉන්ටර්නැෂනල් ක‍්‍රයිසීස් ගෲප් නැමති ආයතන 3 එක්ව අදාළ වැඩසටහන සංවිධාන කර තිබූ බව සඳහන්.ශ‍්‍රී ලංකාවට එරෙහි චැනල් 4 වැඩසටහනේ නිෂ්පාදකයන් ද ඊට එක්ව සිටි බව වාර්තා වනවා.එහිදී අදාළ චැනල් 4 වීඩියෝ පටය යළි පෙන්වීමෙන් අනතුරුව ඒ පිළිබඳ කරුණු දැක්වීමේ අවස්ථාවේදී,ඊට එක්ව සිටි සියලූ පාර්ශවව, ප‍්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කටයුතු කළා.එහිදී ඔහු කියා සිටියේ,අවසන් සටන මෙහෙයවූ පුද්ගලයෙකු ලෙස තමාට ද මෙම අවස්ථාවට ආරාධනා කළ යුතුව තිබූ බවයි. එහෙත්, ජගත් සංවිධානයේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස ආරාධනාවකින් තොරවම මෙම අවස්ථාවට සහභාගී වීමට හැකිවීම නිසා එහිදී පැන නැගුනු ප‍්‍රශ්නවලට තර්කානුකූලව පිළිතුරුදීමට ඔහුට හැකි වී තිබෙනවා. මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා එහිදී කියා සිටියේ චැනල් 4 වැඩසටහනේ අසත්‍ය තොරතුරු 20 කට අධික සංඛ්‍යාවක් ඇතුළත් බවයි.




0 comments: