එංගලන්ත පිල හමුවේ ලංකාවට දරුණු පරාජයක්
එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකාව ඉණිමකින් සහ ලකණු 14 කින් පරාජයට වී ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.
එංගලන්තයේ කාර්ඩිෆ්හි සොෆියා ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව සියලුදෙනා දැවී ලකුණු 400ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය කඩුලු 5ක් දැවී ලකුණු 496ක් ලබා සිටියදී සිය ඉණිම අත්හිටුවීමට තීරණය කළේය. ලකුණු 96ක් පිටුපසින් සිට සිය දෙවනි ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ සියලුදෙනා දැවී ලකුණු 82 ක් පමණි.
මේ අතර තරඟාවලිය අතරතුර පුහුණුකරු මාවන් සහ ශ්‍රීලංකා ක්‍රිකට් පිලේ ක්‍රීඩකයන් අතර ගැටුමක් නිර්මාණය වී ඇත.එම ගැටුමට හේතු වී ඇත්තේ මාවන් විසින් මෙහෙයවන පුහුණුවීම් කටයුතුවලට ක්රකට්පිලේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සහභාගී නොවීමයි.
ලකුණු පුවරුව පහත Link එකෙන්
http://www.espncricinfo.com/england-v-sri-lanka-2011/engine/current/match/474463.html
0 comments:
Post a Comment