රූපවාහිනියේ නව සභාපති ප්‍රවීන මාධ්‍යවේදී මොහාන් සමරනායක
ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා වශයෙන් පත්කර ඇත.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳව විශේෂ උපාධියක් ලබා තිබෙන මොහාන් සමරනායක මහතා පුවත්පත් කලාවේදියෙකු ලෙස සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කරන ලද අතර පසුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට එක්වී එහි ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා වශයෙන් ද කටයුතු කළේය.
විද්‍යුත් මාධ්‍යයේ තවදුරටත් ඉදිරියට ගිය මේ ප්‍රවීණ මාධ්‍යවේදියා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රධාන ප්‍රවෘත්ති සංස්කාරක, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මෙන්ම ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් ද තනතුරු රැසක් හොබවා ඇත.
ඊට අමතරව එම සංස්ථාවේම වාණිජ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන්ද කටයුතු කර තිබෙන සමරනායක මහතා ඉන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට ජාතික ප්‍රවෘත්ති නිලධාරියා වශයෙන්ද කලක් සේවය කළේය. ශ්‍රී ලංකාවේ සිටින අත්දැකීම් අතින් බහුල මාධ්‍යවේදියෙක් වන මොහාන් සමරනායක මහතාට Sri Lanka Youth News අපි, සුභ ප්‍රාර්ථනා කර සිටිමු.
0 comments:
Post a Comment