ශ‍්‍රි ලංකා මලල කී‍්‍රඩා සංගමයේ උප සභාපති ධුරයට

, by Sri Lanka Youth News

  ශ‍්‍රි ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීම සදහා එම සංගම් මූලස්ථානයේදි පසුගියදා පැවති නිලවරණයෙන් අජිත් නාරගල මහතා එහි උපසභාපති ධුරයට තේරි පත්විය.ඔහු මේවන විට ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්‍ෂවරයෙක් වන අතර,උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍යාංශයේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයෙකි.එසේම වර්තමාන විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ කැබිනට් අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකි.මෙම නිලවරණය සදහා 11 දෙනෙකු ඉදිරිපත් වී ඇති අතර ඉන් දෙදෙනෙකු ඉල්ලා අස්වී 9 දෙනෙකු අතර පැවති ඡන්දයෙන් ඔහු තේරි පත්විය.
රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ සහ හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වු ඒ  මහතා විශ්ව විද්‍යාල ශිෂ්‍ය/ උපාධිධාරි සංගම් ක‍්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කර ඇත.විශේෂ අවස්ථා කළමනාකරණය(event management)පිළිබද ශ‍්‍රි ලංකාවේ ප‍්‍රථම පස්චාත් උපාධි ඩිප්ලෝමාධාරියා වන ඔහු මේවන විට ඉන්දියාවේ ව්‍යාපාර පරිපාලන පිළිබද ශාස්ත‍්‍රපති උපාධිය හදාරමින් සිටියි.
මේ පිළිබද අදහස් දක්වන ඔහු ශ‍්‍රී ලංකාවේ මලල ක‍්‍රීඩා කේෂ්ත‍්‍රයේ උන්නතිය උදෙසා විශේෂ කෙටි කාලීනස හ දිගු කාලීන වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වනබව පවසන අතර ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ වත්මන් සභාපති මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතාගේ මෙහෙයවීම හා ම`ගපෙන්වීම යටතේ සහ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ගරු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ පූර්ණ ආශිර්වාදය යටතේ,ජාතික තරුණ සේවා සභාවේ යෞවන සමාජ මට්ටමින්,ප‍්‍රාදේශිය මට්ටමින්,දිස්ත‍්‍රික් මට්ටමින් මලල ක‍්‍රිඩා කේෂ්ත‍්‍රයේ වැඩසටහන් රාශියක් ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව පවසයි.එමෙන්ම තාරුණ්‍යයේ කී‍්‍රඩා කෞෂල්‍යය ඔප්නැංවීම උදෙසි ගරු පාර්ලිමේන්තු මන්ත‍්‍රි නාමල් රාජපක්‍ෂ මැතිතුමාගේ පූර්ණ සහයෝගය මේ සදහා ලබාගැනීමට කටයුතු කරන බවද වැඩිදුරටත් පවසයි.

0 comments: