පදියතලාව,සයින්දමරුදු ශ‍්‍රි ලංකා යූත් මධ්‍යස්ථාන (8 දා)විවෘත කෙරේ
ජාතික තරුණ සේවා සභාවේ පදියතලාව,සයින්දමරුදු ශ‍්‍රි ලංකා යූත් මධ්‍යස්ථාන විවෘත කිරිම මෙම 08 දා,පෙ.ව.9.00 හා ප.ව.3.00 ට යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අතින් සිදු කෙරේ.
පදියතලාව,ශ‍්‍රි ලංකා යූත් මධ්‍යස්ථානය සංක‍්‍රමණිකයින් සදහා වන ජාත්‍යන්තර සංවිධානයේ අම්පාර ශාඛාවේ පරිත්‍යාගයක් වන අතර දෙමල හා ඉංග‍්‍රිසි භාෂාව,විදුලි කාර්මික,උද්‍යාන අලංකරණය යන පාඨමාලා මෙහිදි පැවැත්වේ.ඉදිරියේදි ධීවර බෝට්ටු අලුත්වැඩියා තිරිමේ පාඨමාලාවක් ද ආරම්භ කිරීමට නියමිතය.
රුපියල් මිලියන 21.4 ක වියදමින් ඉදිකල සයින්දමරුදු ශ‍්‍රි ලංකා යූත් මධ්‍යස්ථානයේද සිංහල හා දෙමළ භාෂාව,room boy යන පාඨමාලා පැවැත්වෙන අතර ඉදිරියේදි ධීවර බෝට්ටු අලුත්වැඩියා කිරිමේ පාඨමාලාවක් ද ආරම්භ කෙරේ.
මෙම මධ්‍යස්ථාන විවෘත කිරිමේ අවස්ථාවට යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක,දිගාමඩුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි එම්.එම්.හරීස්,යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාශයේ ලේකම් සු.සෝ.හේවාපතිරණ,ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්‍ෂ ජනරාල් නීතිඥ ලලිත් පියුම් පෙරේරා යන මහත්වරුන්ද සහභාගි වේ.

0 comments:
Post a Comment