ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය තහනම් කරයි....

, by Sri Lanka Youth News



ලංකාවේ ප‍්‍රධාන පෙළේ වෙබ් අඩවියක් වන ‘ලංකා ඊ නිවුස් ඩොට් කොම්’ ශ‍්‍රී ලංකාව තුළ තහනම් කරන්නැයි අද අධිකරණය නියොග කළේය. 


 කිරිඳිවැල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටියදී පුද්ගලයෙකු මියයාම පිළිබඳව අධිකරණයේ විභාග වන නඩුවක් පිළිබඳව අධිකරණයට අපහාස වන ආකාරයට වාර්තාවක් පළ කිරීම සම්බන්ධයෙන් ලංකා e  නිව්ස් මාධ්‍යවේදී ශාන්ත විජෙසුරිය අත්අඩංගුවට ගත් අතර අද පුගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කලේ නඩුව විභාගයට ගෙන අවසන්වන තෙක් ලංකා e නිව්ස් වෙබ් අඩවියේ කටයුතු අත්හිටුවන ලෙසටයි


මින් ඉහත ලංකා e නිවුස් ප‍්‍රවෘත්ති කර්තෘවරයාද තර්ජන චෝදනාවක් යටතේ පසුගිය මාසයේ අත්අඩංගුවට පත්වූ අතර ඊටත් පෙර පසුගිය ජනවාරියේ ලංකා e නිවුස් කාර්යාලය ගිනිතැබීමේ සිද්ධියක්ද වාර්තා විය.


                                                                                                                      @ රංජන සරත් කුමාර

0 comments: