ශ‍්‍රී ලංකා යූත් වොලිබෝලය අපරාජිතව පෙරටම

, by Sri Lanka Youth News


මංචි ශූරතාවය පෙනෙන මානයේ


       2011 මංචි ජාතික ශුරතා වොලිබෝල් තරගාවලියේ අවසාන මහා තරගය සදහා ශ‍්‍රී ලංකා යූත් වොලිබෝල් කණ්ඩායම සුදුසුකම් ලබා තිබේ.වසර 27කට පසු මේ අනගිභවනීය තත්වය හිමිකර ගැනීමට දිනුෂ් ලසාන්ගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා යූත් වොලිබෝල් කණ්ඩායම සමත්ව ඇති අතර මේ තරගාවලියේ කිසිදු තරගයක් ඔවුන් පරාජයට පත්වී නැති වීමද විශේෂයකි.
     මීට පෙර 2010 වසරේ රූපවාහිනී වොලිබෝල් (කාන්තා)ශුරතාවය ශ‍්‍රී ලංකා යූත් කාන්තා කණ්ඩායම හිමි කරගත් අතර මෑතක සිට වොලිබෝල් ක්ෂේත‍්‍රයේ අතීත ශ‍්‍රි විභුතිය යලිත් ජාතික තරුණ සේවා සභාව(ශ‍්‍රී ලංකා යූත්)වෙත ලැබෙමින් පවති.
    මංචි වොලිබෝල් ශුරතා අවසාන මහා තරගය මැයි මස 07වන දින සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදි පැවැත්වේ.ශ‍්‍රී ලංකා යූත් කණ්ඩායම සමග යුධ හමුදා කණ්ඩායම අවසන් මහා තරගයේදි මුණ ගැසේ.ශ‍්‍රී ලංකා යූත් වොලිබෝල් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු වනුයේ ජානක ඉන්ද්‍රජිත් මහතා හා සහාය පුහුණුකරු ලෙස අජන්ත දහනායක යන පුහුණුකරුවන් ය.

                                                                                                  @ යසින්ත ධර්මසේන/චාරක මධුරජීව

0 comments: