13වන ජාතික මණ්ඩලයේ නිල කාලය අවසන්
මීට වසර දෙකකට පෙර පත් කරනු ලැබු ශ්‍රි ලංකා යෞවන සමාජ සම්මේලනය 13වන ජාතික මණ්ඩලයේ නිල කාලය 2011.04.04(අද) දිනයේ අවසන් වේ. ශ්‍රි ලංකාවේ ලක්ෂ සංඛ්‍යාත තරුණ තරුණියන් නියෝජනය කරමින් ජාතික මණ්ඩලයට සෑම වසර දෙකකට වරක් නියෝජිතයින් පත්වන අතර ග්‍රාමීය-ප්‍රාදේශිය-දිස්ත්‍රික් මට්ටමේ තරුණ කටයුතු වලදි ජාතික වශයෙන් ඒ තරුණ ප්‍රජාව නියෝජනය කරන්නේ ජාතික මණ්ඩලයයි.
ඉකුත් ජාතික මණ්ඩලයේ ලේකම් වරයා ඇතුලු සියලු නියෝජිතයින්ගේ නියෝජිතතාවයන් හෙටින් පසු අහෝසි වේ.නැවත බිම් මට්ටමේ තරුණ තරුණියන්ට ජාතික මණ්ඩලයට පත්වීමේ ඉඩකඩ ඉන් අනතුරුව උදාවේ.
තාරුණ්‍යයට වගකියන නිර්මාණශිලීව වැඩකරන තරුණ නියෝජිතයින් පිරිසක් මෙවර පත් කර එවීමේ වගකීම සියලු තරුණ ප්‍රජාවගේ වගකීමය.
0 comments:
Post a Comment